Celebrity Gossip

එහෙම පටන් ගත්තු අපේ ආදර චාරිකාවට අදට හරියටම අවුරුදු 17ක් පිරෙනවා – උදය ශ්‍රී

උදය ශ්‍රී කියලා කියන්නේ ලංකාවේ සිටින දක්ෂතම සහ ජනප්‍රියම ගායන ශිල්පියෙක්. ඔහුටම ආවේණික වූ හඬ පෞරුෂය නිසාම බොහෝ රසික රසිකාවියන්ගේ ආදරය සහ ආකර්ෂණය නිරන්තරයෙන් ම දිනා ගන්නා ලද ඔහු අපට පළමුවෙන්ම හමුවන්නේ centigradz සංගීත කණ්ඩායම හරහා යි. ඉතාම මියුරු සංගීතයෙන් ගායන ලොව හැඩ කළ ඔවුන්ගේ ගීත අදටත් රසික රසිකාවියන් මහත් වූ ආදරයෙන් සහ උවමනාවෙන් යුතුව ඇසීම විශේෂත්වයක්. ඉතින් ටික කලක් ගත වෙද්දී සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමෙන් උදය ශ්‍රි ඉවත් වෙනවා.

ඉන්පසු ඔහුගේ ම ගීත නිර්මාණයන් තුළින් රසික හදවත් පිනවූ ඔහුගේ එම ගීතයන් එක ලෙසම ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම පැමිනුණා. කොහොම නමුත් මේ වන විට ඔහු විවාහ වී පුංචි පුතෙක් ගේ ආදරණීය පියෙක් වී අවසානයි. ඉතින් ඉතාමත්ම සතුටින් ආදර්ශමත් විදිහට සිය පවුල් ජීවිතය ගෙන යන මොහු සුවහසක් කලාකරුවන්ට මහගු ආදර්ශයක්. ඉතින් පසුගිය දිනකදී ඔහුගේ ජීවිතයේ සුවිශේෂී දිනයක් උදා උනා. ඒ තමයි ඔහුගේ සහ බිරිඳගේ 17 වැනි ආදර සංවත්සර දිනය. ඉතින් ඒ වෙනුවෙන් ඔහු ආදරණීය ඡායාරූපයක් සමඟ අපූරු සටහනක් පල කරන්නත් අමතක කරලා තිබුණෙ නැහැ. ඒ මේ විදිහට.

” හැම අවුරුද්දෙම අගෝස්තු 26 වෙනිදට, අපි මේ 2005 අගෝස්තු 26 වෙනිද ගත්තු Photo එක Post කරන්නෙ බොහෝම ආදරෙන්. ඇත්තටම ඒ දිනයට, ඒ වෙලාවට, ඒ කාලයට අපි දෙන්නම බොහොම ආදරෙයි. ඒ දවසවල දැන් ආදරවන්තයන්ට වගේ Smart Phones බහුල කාලයක් නෙමේ. ඒ නිසා ඒ දවස්වල අපි දෙන්න මුණගැහෙන්නෙ සති 2කට සැරයයි. ඒකත් ගෙවල්වලට හොරෙන්. ඉතුරු කාලයෙන් වැඩිහරියක්ම අපි කතාකළේ SMS වලින්. ඉතින් එහෙම පටන් ගත්තු අපේ ආදර චාරිකාවට අදට හරියටම අවුරුදු 17ක් පිරෙනවා. හැබැයි දැන් අපේ ආදර කතාව ලියන්න “දීඝායුෂ්” කියන චූටි රචකයත් එකතුවෙලා ඉන්න නිසා දැන් ඉතින් කතාව ලියන්නෙ එයාට ඕන විදිහට තමයි So Happy anniversary my love Guide Me Vindy We’ll be ours forever until the great Nibbana I love you so much “

මේ විදිහට අපූරු ආදරණීය සටහනක් තමයි ඔහු සිය ෆේස්බුක් ගිණුමේ පළ කරලා තිබුණේ. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය ගායකයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා පතන ගමන්ම ඔවුන්ගේ ආදර සංවත්සරයට සුභ පැතුම් එක්කරනවා.