Celebrity Gossip

ආදරය කියන්නේ පරිත්‍යාගශීලීත්වය මම ආයෙ විවාහයක් ගැන හිතන්නෑ – උදාරි කෞශල්‍යා

උදාරි කෞශල්‍යා කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්. ඒ වගේම තමයි ඇය music videos හරහාත් photoshot හරහාත් අපට නිරන්තරවම දැක බලාගන්නට පුළුවන්. උදාරි ගැන කතා කරනකොට අපිට කතා නොකර බැරි මාතෘකාවක් තමයි ඇයගේ විවාහය. මොකද ඇය විවාහ වන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සංගීත් සතරසිංහ සමගයි. ඔහුගේ පියා ද කලා ක්ෂේත්‍රය තුළ සිටින දැවැන්ත චරිතයක් වන අතර බොහෝ ප්‍රේක්ෂක ප්‍රේක්ෂකාවන් පිරිසක් ඔවුන් වටා එක්රොක් වී සිටිනවා.

සන්ගීත් සතරසිංහගෙ සහ උදාරිගේ විවාහ මංගල්‍ය උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්. නමුත් එම විවාහයට වැඩි ආයුෂ තිබුණේ නැහැ. ඔවුන් දෙදෙනා අතර ඇති වූ යම් යම් මතභේදාත්මක ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් එම විවාහයට සමුදීම ට ඔවුන් තීරණය කරනවා. ඉතිං මේ වන විට ඔවුන් දෙදෙනාම තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නෙ. නමුත් සංගීත් සතරසිංහ ඔබ අප කවුරුත් දන්න එක්තරා රංගන ශිල්පිනියක් සමග මේ වන විට පෙම් සබඳතාවක් පවත්වාගෙන යන බවට ආරංචි මාර්ග ලැබී තිබුනත් ඒ පිළිබඳව ඔහු නිල වශයෙන් පවසලා නැති නිසා එහි ඇත්ත නැත්ත පිළිබඳව අප හරියටම දන්නේ නැහැ. ඉතිං කොහොම වුණත් උදාරි පසුගිය දිනයක එක් වූ එක්තරා මාධ්‍ය වැඩසටහනක දී ආදරය සහ විවාහය පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්.

‘ ආදරය කියලා මම දකින්නේ පරිත්‍යාගශීලීත්වය සහ කැපකිරීම. මම ඒකෙන් තෘප්තියක් ලබනවා. විවාහය ගැන එහෙම ලොකු නිර්වචනයක් දෙන්න මම දන්නේ නැහැ. නමුත් මම හිතනවා විවාහය කියන්නේ ආත්මගත බැඳීමක් කියලා. ඒක සංසාරික පුරුද්දක්. හැම ගැහැනියකටම විවාහ වෙන්න ඕනේ කියලා දෙයක් නැහැ. මම නැවත විවාහයක් ගැන කොහෙත්ම හිතන්නේ නැහැ. විවාහ ජීවිතෙන් පස්සෙ වුණත් දෙදෙන ගලපගෙන තමයි ජීවත් වෙන්න ඕනේ. හැම කෙනෙකුගේ ම අංග සම්පූර්ණයක් අපි දකින්නේ නැහැ. දෙදෙනාගේ ම අඩුපාඩු වැරදි තියෙනවා. ඉතින් ඒ දේවල් තේරුම් අරගෙන ජීවත් වුනොත් විවාහය කෙළවර වෙයි කියලා මම හිතන්නේ නැහැ. ‘

ඒ විදියට තමයි ඇය එහිදී අදහස් දැක්වූයේ. ඉතින් කොහොම උනත් කවුරුත් ආදරේ කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.