Celebrity Gossip

මගෙ සැමියා ගැන කතා නොකර ඉමු.මොකද එයා ඒකට කැමති නෑ – උදාරි පෙරේරා

උදාරි පෙරේරා කිවුවහම අද වෙනකොට නොදන්න කෙනෙක් නැති තරම්.”ප්‍රවේගය” සිංහල සිනමාව ඔස්සේ ප්‍රේක්ෂක ආකර්ෂණය නිබදවම දිනාගත් දිනාගත් උදාරි අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ සුරූපී ජනප්‍රිය රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක්. ඒ වගේම දැන් අපට ඇයව නිර්මාණ හරහා වැඩිය දකින්න නැති වුනත් උදාරි ඇයගේම කියලා ව්‍යාපාරයක් කරගෙන යනවා කියලයි අපිටනම් දැනගන්න ලැබුනේ. ඒ වගේම නිරූපිකාවක් විදිහට මුලින්ම කළා ක්ෂේත්‍රයට පා තැබූ ඇය අද වනවිට අපේ රටේ කලා කරුවන් අතරේ විශේෂ ජනප්‍රියත්වයක් හිමි කර ගත්ත සුන්දර රංගන ශිල්පිනියක්.

කලා ක්ෂේත්‍රය තුලදී ඇය උදාරි පෙරේරා ලෙස ඇයගේ නම භාවිතා කලත් ඇයගේ සම්පුර්ණ නම වෙන්නේ ශෂිකා උදාරි පෙරේරා කියන නමයි. කොහොම නමුත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මුල්ම රැකියාව සිදු කල ඇය ඉන්පසු රූපවාහිනී නිවේදිකාවක් ලෙස රැකියාවේ නියැලුනා. ඉතින් ඒ වගේම දැන් නම් කාලෙකින් ඇය නිර්මාණ හරහා අපිට දැකගන්න ලැබුනේ නැහැ.ඉතින් පසුගිය දිනකදී ඇයත් සමඟ සමඟ කළ සාකච්ඡාවකදී ඇය පැවසුවේ මෙවන් දෙයක්.

“මම කරලා තියෙන්නේ සුළු නිර්මාණ ප්‍රමාණයක් වුවත් මගේ රංගන ජීවිතය තුළ මාත් එක්ක කතා කරන ඕනෙම කෙනෙකුට මාව මතත හිටින චරිතයක් වෙනවා. එයට හේතුව මම මනුස්සකමින් කතා කරන නිසා. මම බොරුවට කෙනෙක් ඉස්සරහ මවා පාගෙන ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. බොරුවට කතා කරන කෙනෙකුත් නෙවෙයි. මම බොහොම ආදරණීය කෙනෙක්. ඒ නිසාම ගොඩක් අය මට ආදරෙයි.ඒකයි තවමත් මිනිස්සුන්ට මාව මතක.

මම හිතන්නේ රංගනය තුළ අපිට හොඳ හොඳ නරක දෙකම ඕන වෙනවා. නින්දා ප්‍රසංසා දෙකම පිළි අරගෙන තමයි අපිට මේ ගමන යන්න වෙන්නේ. රංගනය කියන දේ අපි සීයට සීයක් දන්නෙ නැහැ. ඒ නිසා කෙනෙක් අපේ චරිතයක අඩුපාඩු කිව්වොත් අපි ඒ දේ පිළිගන්න ඕන.”

ඉන්පසු නිවේදිකාව ඇයගේ සැමියා පිළිබඳ විමසූ විට ඇය දුන්නේ මේ මෙවන් පිළිතුරක්.

“ඇත්තටම මගේ සැමියා කැමති නැහැ මම ප්‍රසිද්ධියේ එයා ගැන කතා කරනවට. ඉතින් ඒ නිසාම අපි ඒ ගැන කතා නොකර ඉමු. මොකද මම එයා අකමැති දේවල් කරන්නේ ගොඩක් අඩුවෙන්.”

යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.