Celebrity Gossip

සීයට සීයක් මං කියන්නෑ හැමදේම හොඳයි කියලා. ඒත් අම්මට දැන් ගොඩක් සනීප නිසා අපි හොඳින් – තිසුරි යුවනිකා

පුංචි තිරයෙ අහිංසකාවීය ලෙසින් කාගෙත් ආදරය සහ ආකර්ෂණය දිනාගත් සුන්දර යුවතියක් තමයි තිසුරි යුවනිකා කියලා කියන්නේ. තම ආදරණීය මව වන සුසන්තා චන්ද්‍රමාලි ගේ රංගන උරුමය එලෙසින්ම දායාද කොටගෙන තිබෙන ඇය මේ වන විට කලා ලොව තුල සිටින ජනප්‍රියම රංගන ශිල්පිනියක් වනවා. ඒ දවස්වල අපට ඇයව පිච්ච මල සුවඳයි ඒ නාට්‍ය තුළින් දැක බලාගන්නට පුළුවන්.

ඉතින් කවුරුත් දන්නවනේ පහුගිය දවස් වල තිසුරි යුවනිකාගේ ආදරණීය මව වන සුසන්තා හදිසියේ ම දරුණු අසනීප තත්ත්වයකට ගොදුරු වුණා. වෛද්‍යවරුන්ගේ මහත් වූ කැප කිරීම නිසාම මේ වන විට ඇය ගොඩක් දුරට සුව වෙමින් පවතිනවා. ඉතින් ඇයගේ අසනීප තත්වය හේතුවෙන් ඇයට අවශ්‍ය කරන සියළුම පහසුකම් ලබා දෙමින් ඒ ළඟින්ම සිටියේ ඇයගේ ආදරණීය දියණිය වන තිසුරි යුවනිකායි. ඉතින් ඒ හේතුව නිසාම ඇයට බොහෝ නිර්මාණයන් වලට සිය රංගන දායකත්වය ලබා දෙන්නටත් නොහැකි වුණා. ඉතිං තම මවගේ වර්තමාන තත්ත්වය පිළිබඳව එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පවසා සිටියේ මේ විදිහට.

” මුල් අවස්ථාවේම හඳුනගත් නිසා අම්මව සනීප කරගන්න පුළුවන් වුණා. අම්මට operation එකක් කළා. දිගටම tratemants තිබුණා. ගෙදර වැඩ තිබුණා. ඒ එක්කම ගෝලීය වසංගතය ආවා. ඒ නිසා මං කොහොමත් බය වුණා වැඩ කරන්න යන්න. අම්මට ඒ වගේ ලෙඩක් හැදෙන්න හොඳ නැති නිසා ගොඩක් පරිස්සම් වුණා. පවුලේ අය ඇරුණම ගෙදරට කාටවත් එන්න දුන්නෙත් නැති තරම්. මං හරිම කැමැත්තෙන් ළඟටම වෙලා අම්මව බලාගත්තා. දෙවිවරු වගේ දොස්තරවරු හම්බවුණා. හැමෝම උදවු කළා. ආශීර්වාද කළා. සීයට සීයක් මං කියන්නෑ හැමදේම හොඳයි කියලා. ඒත් අම්මට දැන් ගොඩක් සනීප නිසා දෙයියනේ කියලා අපි හොඳින් ඉන්නවා. “

ඒ වගේම තමයි තිසුරි කියන්නේ ක්ෂේත්‍රය තුළ කිසිම කටකතාවකට අහු නොවිච්ච ආදරණීය රංගන ශිල්පිනියක්. ඉතින් ඒ ගැන ඇය දැරුවේ මෙවන් අදහසක්.

” කවදාවත් අම්ම මට නූල කැඩිච්ච සරුංගලයක් වගේ ඔහේ යන්න දීල නැහැ. එයා නිතරම මාව guide කළා. මට දෙයක් තනියෙන් කරගන්න පුළුවන් කියලා එයාට ෂුවර් වෙනකල් එයා මගේ පස්සෙන්ම හිටියා. බැන්ඳ කියලත් වෙනසක් නෑ. අදටත් මගේ හැම දෙයක්ම හොයල බලලා කරල දෙන්නෙ අම්මයි තාත්තයි.”

ඉතින් මේ විදියට අදහස් දක්වන ඇගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.