Celebrity Gossip

අපිට අහිමි වීම් වෙනවා. දෙමාපියන්ගෙන් එහාට මම ආදරයක් විශ්වාස කරන්නේ නැහැ – තරින්දි ප්‍රනාන්දු

තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ මෑත කාලීනව බිහි වූ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇයටම ආවේණික වූ කතාබහත් රංගන විලාශයත් නිසා බොහෝ රසික රසිකාවියන්ගේ ආකර්ෂණය නිබඳවම දිනාගැනීමට ඇයට පුළුවන් වුණා. මහපොළොව ටෙලිනාට්‍ය තුළ ඇය රඟ දැක් වූ ගැමි චරිතයට බොහෝ රසික රසිකාවියන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබුනු අතරම සියත නාලිකාවේ මේ දවස්වල විකාශය වන නේත්‍රා ටෙලි නාට්‍ය සඳහා ඇය රඟදක්වන චරිතයටත් උණුසුම් ප්‍රතිචාර රසිකයන්ගෙන් හිමිවෙන බව නොරහසක්. ඇය රංගන ශිල්පිනියක් පමණක්ම නොවෙයි. නර්තනයෙන් ද දස්කම් පාන ඇය බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වන අයෙක් ද වෙනවා.

ඉතින් ඇය පවසන විදිහට ඒ රඟපාන හැම චරිතයකටම ඇය ගොඩක් කැප වෙනවලු. තමාට ලැබුණු චරිතය ගැන හොඳ අධ්‍යයනයක් කරලා තිරපිටපත කියවලා එම චරිතයට ආත්මගත වෙලා තමයිලු ඇය නිරූපණය කරන්නේ. සාමාන්‍ය ජීවිතයේදී ඇය ෆැෂන් කරන්න ගොඩක් ලස්සනට ඉන්න ආස කෙනෙක් වුනත් සමහර චරිත නිසා ඇය ඒ දේවල් පවා මඟ හැරගෙන තියෙනවලු. සිනමාවට පමණක් නැඹුරු වෙලා ඉන්න අමාරුයි කියන ඇය මේ වන විට ටෙලි නිර්මාණ සහ සිනමා නිර්මාණ යන දෙකට ම සමබර දායකත්වයක්ලු ලබාදෙන්නෙ.

ඇගේ ඉදිරි බලාපොරොත්තුවක් තියෙනවලු ව්‍යාපාර කටයුත්තක් පටන් ගන්න. ඉතිං ඊට පස්සෙ නම් ව්‍යාපාර පැත්තට වැඩි කාලයක් ලබා දීමට බලාපොරොත්තුවෙන අතර ම රංගන කටයුතු තරමක් සීමා කරන බව තමයි ඇය කියා සිටින්නේ. ඒත් ඉතිං රංගනය අතහරින්නේ නෑ කියලාත් ඇය කියනවා. ඉතින් එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියෙක් ඇයගෙන් ආදරය පිළිබඳව දරන මතය කුමක්දැයි ඇසූ පැනයට ඇය දුන්නේ මෙවන් පිළිතුරක්.

” ජිවිතයට නැතුවම බැරි දෙයක් විදියට මම ආදරේ දකිනවා. ඒ ආදරේට නිර්වචනයක් මම දකින්නේ නැහැ. මේ කාලේ අපි ආදරේ කියන්නේ දෙමාපිය ආදරෙන් බැහැර වෙලා ප්‍රේමවන්තියක් විදියට ලබන ආදරේනේ. හැබැයි ඒ ආදරේ ගැන මට පොඩි සැකයක් තියෙනවා. මොකද මොන ආදර කතා කිව්වත් දෙමාපිය ආදරෙන් එහාට ගිය අවංක පරාර්ථකාමී ආදරයක් අපිට ලබා ගන්න පුළුවන් කියන එක මම මේ ලෝකයේ දකින්නේ නැහැ. එක එක කාලවලට අපේ ජිවිතවලට මිනිස්සු එනවා යනවා. අපිට අහිමිවීම් වෙනවා. ඒ නිසා දෙමාපියන්ගෙන් එහාට මම ආදරයක් විශ්වාස කරන්නේ නැහැ. “

මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.