Celebrity Gossip

මහ ගොඩක් වෙලාවට ඔබට මිනිස්සු අත ඇරෙන්නෙ ඔබ හින්දාමයි බුකියම කැලඹු තරින්දිගේ දුක හිතෙන සටහන

තරින්දි ප්‍රනාන්දු කිව්වම ලංකාවෙනම් නොදන්න කෙනෙක් නැතුව ඇති. ඒ තරමටම කොයි කවුරුත් අතර ජනප්‍රිය චරිතයක් වන ඇය ක්ෂේත්‍රයට නවක රංගන ශිල්පිනියක් වුවත් අතිවිශිෂ්ට ටෙලි නිර්මාණ සහ සිනමා නිර්මාණයන් ඔස්සේ රසික හදවත් තුළ ලැගුම් ගැනීමට සමත් වී සිටිනවා. පහුගිය දවස්වල හිරු නාලිකාවේ අතිශය ජනප්‍රිය වෙමින් විකාශය වූ රැල්ල වෙරලට ආදරෙයි ටෙලි නාට්‍යයේ කැතරින්ගේ චරිතයට පණ පෙවූ ඇය ඒ ඔස්සේත් විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනා ගැනීමට සමත් වුනා.

මේ දවස්වල ඇයව අපට සියත නාලිකාවේ විකාශය වන නේත්‍රා ටෙලිනාට්‍යය ඔස්සේත් දැක බලා ගන්නට පුලුවන් වෙනවා. ඉතින් පහුගිය දිනක ඇගේ ජන්ම දිනය යෙදී තිබුණු අතර බොහෝ කලාකරුවන්ගෙන් මෙන්ම රසික රසිකාවියන්ගෙන් ඇයට සුභ පැතුම් ගණනාවක් ලැබී තිබුණා. ඉතින් ඇය ගැන කතා කරද්දි කතා නොකරම බැරි මාතෘකාවක් තමයි ඇයගේ ආදරය. ඉතින් කවුරුත් දන්නවා කලක් ඇයගේ පෙම්වතාව සිටියේ අපි කවුරුත් හඳුනන ප්‍රවීන දක්ෂ රංගන ශිල්පියෙක් වන ඉසුරු ලොකුහෙට්ටිආරච්චියි. ඒත් ඉතින් මේ වෙනකොට නම් ඒ සම්බන්ධය බිඳවැටී තිබෙන බව තමයි අපට දැනගන්නට ලැබෙන්නේ. ඉතිං පසුගිය දිනකදී ඇය අපූරු සටහනක් සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුම ඔස්සේ ශෙයා කරලා තිබුණා. ඒ මේ විදියට.

” දන්නවා ද… ඇයි කෙනෙක් ව අපෙන් අත ඇරෙන්නෙ කියලා? ඔව් දාහක් හේතු තියෙනවා, එහෙම අත් ඇරෙන්න. ඒත් මහ ගොඩක් වෙලාට ඔබට මිනිස්සු අත ඇරෙන්නෙ ඔබ හින්දාමයි එහෙම කියද්දි ඔයා ඇස් හීනි කරලා මගේ දිහා බලාගෙන ඉන්නේ ඒ කොහොමද? ප්‍රශ්නාර්තය මගේ ඉස්සරහා තියලා. කෙනෙක් තව කෙනෙක් ව ජීවිතේ ට ලං කරගන්නෙත් “මට” දැනෙන වටිනාකමක් ඒ කෙනා ලග තියෙන බව දැනෙන නිසා. එහෙම නම් ඒ කෙනා ලග තිබුනත් නැතත් “ඒ වටිනාකම” එයාට දෙන්නෙ “මං” ඉතින් එහෙම නම් ඇයි අපිම මිනිස්සු අත අරින්නේ? ඔයා එහෙම ඇහුවේ පැත්තකට හිස බර කරලා උඩට ඉස්සුන උරහිස් වලින් විතරයි… වචන වලින් නෙවෙයි ඔබ දෙන වටිනාකම ඒ අයට දරාගන්න බැරි වෙන නිසා…මං එහෙම කියද්දි ඔබේ ඇස් නළලටම ඉස්සුනෙ, “ඒ කොහොමද ඒ”? කියන ප්‍රශ්නය වෙනුවෙන්

මෙහෙමයි, ඔබ දෙන වටිනාකම් එක්ක ගොඩක් අය ” මං මාරයි නැටුමට ඇදගන්නවා”. එයා නටනවා ඔයා රතු පලස දිගටම එලනවා.. එයා නටවා. එලනවා – නටනවා එලනවා – නටනවා එලනවා – නටනවා නටනව නටනවා නටනවා!!!! බලද්දී ඔයාට ම රතු පලස එහෙමත් නැත්නම් ස්ටේජ් එකේ ඉඩ අරන් දීලාම හති වැටිලා… ඒත් එතකොට නැටුම හෙවත් ප්‍රයෝරිටි

එක්ස්පෙක්ටේශන් එක ” මං මාරයි නැටුම” නැටුමකට එහා ගිහින් බලාපොරොත්තුවක් වෙලා. අර කතාවට කියනවා වගේ එදාට ” හැංගි හැංගි වෙස් බැන්දාට නටන්න වෙන්නෙ එළිපිට” බව ඔබම තේරුම් ගන්නවා. මොකද ශිල්පියාගෙ නැටුම තාක්ෂණිකව වැරදි (තේරෙන්න කිව්වොත් හබක් වෙල, ජබක් වෙලා කකුල පැටලිලා වැටෙන්නෙ) බව නිසම මිසක පොළොවේ ඇදයක් නැති බව ඔබ තේරුම් ගන්නවා. ආන්න එදාට ඔබ ඔවුන් අත් හරිනවා… [ ආන්න ඒ විදිහට හිස යන්තමට හොළවලා ඔබ හිනා උනේ හිතේ දුක නිවාගෙන විතරක්ම නෙවෙයි ]

කෙනෙක්ට නටන්න රතු පලසක් එලන්න දෙපාරක් හිතන්න ඕනෙ බව අවබෝධ කරගෙන බව දන්න මං එරන්දී බුද්ධිකා එරන්දී ජයසිංහ ” ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.