Celebrity Gossip

මට වෙච්ච සමහර සිදුවීම් එක්ක විවාහයට මම බයයි ඒ නිසා ආදරය කරන්න තීරණයක් අරන් නෑ

කලා ක්ෂේත්‍රය තුළ සිටින ඉතාම ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ. රංගන ක්ෂේත්‍රයට නවක මුහුණුවරක් වුණත් ඇය රංගනයේදී නම් කිසිදු නවක කමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ තරමටම ඉතාම තාත්වික ලෙස ඕනෑම චරිතයක් රඟ දැක්වීමට ඇයට ඇත්තේ උපන් හැකියාවක්. මහපොළොව , නේත්‍රා ආදී සම්භාව්‍ය ගණයට අයත් ටෙලි නාට්‍යය තුළත් විශිෂ්ට අන්දමෙ රංගන හැකියාවක් පෙන්නුම් කරන ඇය සිනමා නිර්මාණ හරහා සහ music videos හරහාත් අපට දැකබලා ගන්නට පුලුවන් වෙනවා.

ඉතින් කවුරුත් දන්නවා කාලයක් තරින්දී ප්‍රනාන්දුගේ සැබෑ ජීවිතයේ පෙම්වතාව සිටියේ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි නම් කඩවසම් දක්ෂ රංගන ශිල්පියායි. ඔහුව ගොඩක් දෙනෙක් අතර කතාබහට ලක් වූයේ වැඩිහිටියන්ට පමණයි ගණයට අයත් සිනමාපටයක් වන ගිනිමල් පොකුරු සිනමා පටයෙ ඔහු රඟ දැක්වූ චරිතය නිසයි. කොහොම නමුත් මේ වන විට තරින්දිගේ සහ ඉසුරුගේ ප්‍රේම සම්බන්ධය බිඳ වැටිලා තමයි තියෙන්නේ. ඉතින් පසුගිය දිනකදී ඇය එක් වූ එක්තරා යූටියුබ් මාධ්‍ය සාකච්ඡාවක දී ආදරය සහ විවාහය ගැන ඇය දරන මතය පිළිබඳව පවසා සිටිය මේ විදිහට.

” පොඩි කාලේ ඉඳන් හිතුවේ විවාහය හරිම සිම්පල් දෙයක් කියලා. මං පොඩියිනේ එතකොට. ඒ කියන්නෙ දැන් ඇත්තටම මම විවාහයට මාර බයයි. මම විවාහ වෙන්න තීරණයක් කරලා නෑ. ආදරය කරන්න තීරණයක් අරන් නෑ, මට වෙච්ච සමහර සිදුවීම් එක්ක. විවාහයට මම බයයි. විවාහ වෙනවා නම් ජීවිතේට සහකරුවෙක් හොයා ගන්නෙ මැරෙනකන් එකට ඉන්න. කසාදයකට යනවනම් ඒ දෙන්නාට දෙන්නා විශ්වාසයක් තියෙන්න වුවමනයි. නැත්තම් family life එකක් ඉස්සරහාට යන්න බෑ. ඉතින් ඒවා අද සමාජේ තියෙනවාද කියලා සැකයි. ඒ නිසා පරිස්සම් වෙනවා “

ඉතින් මේ විදියට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.