Celebrity Gossip

නයා ලොකේෂන් එකට ගෙනාපු වෙලාවෙ මට ආස හිතුණා එයාව අල්ලන්න – ටනාශා සතරසිංහ

ටනාශා සතරසිංහ කියනවාටත් වඩා ඇයව බොහෝ දෙනා අමතන්නේ කුරුලු කියන නමින්. මේ දිනවල දී අතිශය ජනප්‍රිය වෙමින් සිරස නාලිකාවේ නාළිකාවේ විකාශය වන නීල පබලු ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට පණ පොවන ඇය බොහෝ රසික රසිකාවියන්ගේ ආදරය සහ ආකර්ෂණය මේ වන විටත් දිනා ගෙන අවසානයි. තෙවරක් ම ජනප්‍රිය නිළියට හිමි සම්මානයට නිර්දේශ වන ඇයගේ එකම හීනය වී ඇත්තේ රංගන ශිල්පිනියක් වීම නොව ආයුර්වේද වෛද්‍යවරියක් වීමයි. ඒ නිසාම තමයි ඇය උසස් පෙළ සඳහා ජීව විද්‍යා අංශය තෝරා ගනු ලබන්නේ. සාමාන්‍ය පෙළ දක්වා කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන ඇය උසස් පෙළ සඳහා නාවල ජනාධිපති විද්‍යාලයට ඇතුළත් වනවා. කලා ක්ෂේත්‍රය සදහා ඇයට අවස්ථාව උදාවන්නේ පාසල් යන කාලයේදීයි.

දිනක් ඇයගේ මවගේ යෙහෙලියක් විසින් ඇයව මනාලියක් ලෙස හැඩ ගැන්වීමට කැමැත්තක් ඇති බව පැවසූ විට එයට එකග වූ ඇය මනාලියක ලෙස සැරසී ඡායාරූප ලබා ගනු ලබනවා. මවගේ යෙහෙළිය විසින් එම ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරූ විට ඇයගේ පින්තූර දැක ඇයට මියුසික් වීඩියෝවක් සඳහා රූප රචනයෙන් දායක වීමට අවස්ථාව උදාවෙනවා. ඉන්පසුව වෙළඳ වෙළෙඳ දැන්වීමකට රඟපෑමට අවස්ථාව උදා කර ගත් ඇයට කෙමෙන් ටෙලි නාට්‍ය සඳහා ද රංගන දායකත්වය ලබා දෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි ඇය ඉන්පසුව නිරූපණ ක්ෂේත්‍රය ද හදාරනු ලබන අතර දෙරණ මිස් ශ්‍රී ලංකා තරඟයට සහභාගි වී දෙවන ස්ථානය ලබා ගනු ලබනවා. ඉතින් අද අපි ඇය ගැන කතා කරන්නට සිතුවා. ඉතින් ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී නිල පබලු ටෙලිනාට්‍යයේ නයා සමඟ තිබූ රංගන අත්දැකීම පිළිබඳව අදහස් දැක්වූයේ මේ විදියට.

‘ තිර පිටපතේ තිබුණේ නයා නිකන් බලාගෙන ඉන්න දර්ශන විතරයි. නයා ලොකේෂන් එකට ගෙනාපු වෙලාවෙ මට ආස හිතුණා එයාව අල්ලන්න. මං මිස් ශ්‍රී ලංකා යද්දි ප්‍රොජෙක්ට් එකක් කළා දෙහිවල සත්තු වත්ත සම්බන්ධ කරගෙන. ඒ නිසා මට බය හිතුණේ නෑ. කොහොමත් සත්තුන්ට මං හරි ආසයි. එයා මට පුදුම විදියට හීලෑ වුණා. මං සතාව අල්ලනව දැකල තමයි තිර පිටපත ඒ විදියට වෙනස් කළේ. ‘

ඒ වගේම ඇය ඇයගේ ආදරය ගැන පවසා සිටියේ මේ වගේ දෙයක්…

‘ මනාලියක විදියට එදා ඇන්දට මට ඒ ගැන කිසිම හැඟීමක් තිබුණේ නෑ. ඒත් දැන් මං ආදරේ විඳිනවා. අපේ ආදරේට අවුරුදු හතරක් වෙනවා. එයා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. ඒත් මං මේ ක්ෂේත්‍රයේ ඉන්නවට කැමතියි. මගේ රංගනයට එයා ගොඩක් උදවු කරනවා. අපි හොඳින් තේරුම් අරන් ඉන්නේ. ඒ සිහිනය මේ වසර අවසානයේ සැබෑ වෙනවා. ‘

මේ විදියට තමයි ඇය එහිදී පවසා සිටියේ. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.