Celebrity Gossip

කවදා හරි මමත් විවාහ වෙලා ළමයි හදලා ලස්සන ජීවිතයක් ගතකරනවා. ඒ හීන ප්‍රමාදයි කියලා මම පසුතැවෙන් නෑ

පුංචි තිරයේ තරුණියන්ගේ සිහින කුමරා කවුරුන් දැයි ඇසූ විට ඔවුන් එකහෙලාම පිළිතුරු දෙන්නේ වෙන කවුරුත් නොව සුරාජ් මාපා කියන නමයි. ඇත්තම කිව්වොත් සුරාජ් මාපා කියලා කියන්නේ කාලයක් තරුණියන්ගේ crush එකක්. පුංචි තිරයේ අහිංසක ආදරවන්තයා ලෙස නිරන්තරයෙන්ම රසිකයන් අතරට ආ ඔහු සිනමාව තුළත් අපට දැකබලා ගන්නට පුලුවන් වෙනවා. ඔහු වැඩිපුරම ප්‍රේක්ෂකයා අතරට ආවේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වු ඕලු ටෙලි නාට්‍යයේ අසංග සර් කියන චරිතය ඔස්සේ යි. ඉන් පසුව ඔහු බොහෝ ටෙලි නිර්මාණ තුළත් සිනමා නිර්මාණයන් තුළත් අපට දැකබලා ගන්නට පුළුවන් වුණා. ඒ වගේම තමයි නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේත් එක්වී සිටින ඔහුව අපට photoshot හරහා මෙන්ම මියුසික් වීඩියෝ හරහාත් දැක බලාගන්නට පුළුවන්. ඒ වගේම බොහෝ වෙළෙඳ දැන්වීම් තුළත් සුරාජ් සිය රංගන හැකියාව විදහා දක්වනවා.

බොහෝ කාලයක සිට රංගන ක්ෂේත්‍රය හා ඔහු සම්බන්ධ වුවත් බොහෝ තරුණියන් ඔහුට වහ වැටී සිටියත් සුරාජ් මාපා කියලා කියන්නේ තවමත් තනිකඩ ජීවිතයක් ගත කරන අයෙක් වෙනවා. ඔහු කියන විදිහට ඔහු විවාහ ජීවිතයක් ගත කරන්නට ආස උනත් ඒ පසුපස හඹායන්නේ නැතිලු. ව්‍යාපාර කටයුතු සහ රංගන කටයුතු සඳහා කාලය වෙන්කොට ඇති ඔහු තම ජීවිතයේ ඉලක්ක සපුරාගෙන තමයිලු ඒ ගැන හිතන්නේ. ඉතින් ඒ ගැන වැඩිදුර විස්තර ඔහු එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබුණේ මේ විදිහට.

” ඇත්තටම මමත් ගොඩක් ආසයි විවාහ වෙන්න. බිරිඳකගේ ආදරය ලබන්න. ළමයි හදන්න. ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න සහ ජීවිතය අලුතෙන් පටන්ගන්න. හැබැයි මගේ ඒ හීන ඔක්කොම ප්‍රමාදයි කියලා මම කවදාවත් පසුතැවෙන්නේ නෑ මම මම හිතන්න යන්නෙ නැහැ. මම හැමදාම හිතන්නේ කවදා හරි මගේ ඒ හීනේ සැබෑ වේවි කියලා. ඉතින් ඒ දවස එනකන් මං ඉවසලා ඉන්නවා. කවදා හරි මමත් විවාහ වෙලා ළමයි හදලා ලස්සන ජීවිතයක් ගතකරනවා. හැබැයි ඒ හීනේ පස්සෙන් ගිහින් මම මගේ වැඩ පාඩු කරගන්නේ නෑ. “

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඔහුගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.