Celebrity Gossip

තනිකඩ ජීවිතයක් ගත කළත් අදටත් මම හොඳ ආදරවන්තයෙක්

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කියන්නේ මහාචාර්ය වරයෙකු ලෙසත් සිනමාවේදියෙකු ලෙසත් ගීත නිර්මාණ රචකයෙකු ලෙසත් ජනාදරයට පාත්‍ර වී තිබෙන සොඳුරු පුද්ගලයෙක්.මුළු ලොවක් හඳුනන වටිනා කියන චරිතයක් වූ ඔහු කලා ලොවට දායාද කර තිබෙන වටිනා නිර්මාණයන් සැබවින්ම මිල කළ නොහැකියි.ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔහු පිළිබඳවයි.එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ ඔහු ඔහුගේ නවතම තොරතුරු සහ ඔහුගේ ජීවිත ගමන පිළිබඳව අපත් සමග පැවසූයේ මෙවන් දෙයක්.

“මේ දිනවල දී රට පුරා පැතිර යන වසංගත රෝගී තත්ත්වය නිසා මා විසින් නිර්මාණය කළ චිත්‍රපට දෙකක් තිරගත කිරීමට සුදුසු කාලය පැමිණෙන තෙක් බලා සිටිනවා.ඒ වගේම තමයි මම අලුතෙන් පොතක් නිකුත් කලා දෙමළ මහා කවි භාරතී කියලා.දෙමළ සාහිත්‍යය දැනගැනීමට කැමති පිරිස් වෙනුවෙන් තමයි මේ ග්‍රන්ථය මම රචනා කලේ.

ආරම්භයේ දී ගීත රචකයෙකු ලෙස තමයි මම ගොඩක්ම ගොඩාක්ම ජනප්‍රිය වෙන්නේ.මම මගේ චිත්‍රපටයකට අවශ්‍ය ආකාරයකට ගීතයක් නිර්මාණය කරනවා හැරෙන්න අවුරුදු පහළොවකින් විතර මම ගීත රචනාවක් කරලා නැහැ.ඇත්තටම පිරිමි හඬක් නැති ගීත කලාවේ අර්ථවත් ගීත රචනා කිරීම නිශ්ඵල දෙයක් විදිහට මම දකින්නේ.මොකද දිනෙන් දින මේ කලාව විනාශ වී යනවා.ඉතින් අර්ථාන්විත දෙයක් අපිට කරන්න ඉතිරි වෙලා නැහැ.ඒ නිසා පොඩි කලකිරීමකුත් තියෙනවා.

මගේ ජීවිතයේ පුංචි කාලෙ ඉඳන් දැකපු හීන තියෙනවා.විශ්ව විද්‍යාලයේ ඉන්නකොට මගේ ලොකුම හීනයක් තමයි කවදහරි මහාචාර්යවරයෙක් වෙනවා කියලා හීනය.ඒක අද වෙනකොට මම ඉෂ්ට කරගෙන තියෙනවා.ඒ වගේම තමයි වටිනා සිනමා නිර්මාණකරුවකු ලෙස කලාවට යමක් දායාද කරන්න මගේ බලාපොරොත්තුවකුත් තිබුණා.ඒ දේත් අද වන විට වෙලා තියෙන්නෙ.ඉතින් මම හිතන්නේ ඒකට මගේ වාසනාව වගේම උත්සාහය කැපවීමත් බලපාලා කියනවා.

මගේ ජීවිතයට කවදාවත් තනිකමක් දැනිලා නෑ.මොකද උදේ හතරට අවදි වෙලා රාත්‍රියේ නින්ද යනකම්ම කරන්නේ අර්ථාන්විත වැඩ.මම මගේ කාලය ගානට කළමනාකරණය කරගෙන තියෙන්නෙ.ඉතිං මගේ දින චර්යාව නිසා මට කවදාවත් තනිකමක් පාළුවක් කළකිරීමක් දැනිලා නැහැ.මම තනිකඩ ජීවිතයක් ගත කරන්නේ.නමුත් මමත් හොඳ ආදරවන්තයෙක්.අදටත් මම ආදරය කරනවා.ආදරය කියලා කියන්නේ සදාකාලික පරම රමණීය දෙයක්.එනිසා ආදරයට වයසක් කාලසීමාවක් නැහැ.මිය යනතුරා ම ජීවිතය ජීවත් කරවන්නෙ ආදරය.” යනුවෙන් තමයි ඔහු පවසා සිටියේ.

ඉතිං කලා ක්ෂේත්‍රයේ ඔස්සේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඔස්සේ ද මහගු සේවයක් සහ මෙහෙවරක් සිදුකරන මෙම ආදරණීය කලාකරුවාණන්ගේ ඉදිරි වැඩ වැඩකටයුතු සියල්ල සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.