Celebrity Gossip

කැමරාව ඉස්සරහා ඇදුම් ගැලෙව්වම මට ලක්ෂ 5ක් ගෙව්වා – සුමනා ගෝමස්

සිනමාවේ ගිනි සිළුව කියූ සැනින් අපට මතක් වන්නේ චිත්‍රපට කලාව තුළ පෙරළියක් කළ සුන්දර රංගන ශිල්පිනියක්ව.ඒ වෙන කවුරුත් නොව තාත්වික රංගන හැකියාවෙන් රසික ආකර්ෂණය වඩාත් ළං කරගත් සුමනා ගෝමස් නම් අසහාය රංගන ශිල්පිනියයි.80 දශකයේ බිහිවුණු ප්‍රවීණ රංගන ශිල්පිනියක වන මැය වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට සම්ප්‍රදායේ චිත්‍රපට කිහිපයකින් එවකට ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරනු ලැබුවා.90 දශකයේ අවසානය පසුවන පසු න තෙක්ම සිය හැකියාව පෙන්නුම් කළ ඇය මේ වන විට ලංකාවෙන් පිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිය සැමියාත් සමග පදිංචි වෙලා සිටිනවා.ඇගේ සැමියා ඉතාලි ජාතිකයකු වන අතර ඔහු ස්ටැටන් island වල බේලී සීමන් රෝහලේ ප්‍රධාන සුපවේදියා ලෙස සිය වෘත්තිය කරන බව තමයි අපට ආරංචි වෙන්නේ. ඉතිං අද අපි ඇය පිළිබඳව කතා කරන්න සිතුවා.ඇය එක්වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පිළිබඳව පවසා සිටියේ මෙවැන්නක්.

“ඇත්තටම මම දැන් ගෙවන්නේ හරිම සුන්දර ජීවිතයක්.මට මුලින්ම මගේ හස්බන්ඩ්ව හමුවෙන්නෙ මගේ ඉන්දියානු මිතුරියක් මාර්ගයෙන්.ඇය මට දවසක් කිව්වා ඉතාලි ජාතික පුද්ගලයෙක් ඉන්නවා ආසියානු කාන්තාවක් විවාහ කරගන්න ආසාවෙන් කියලා.ඊට පස්සේ ඇයත් සමග මම ඔහුව හමුවන්න භෝජන සංග්‍රහයකට යනවා.එහිදී ඔහු අපට ඉතා හොඳින් සංග්‍රහය ලෑස්ති කරලා තිබුණා.එයාගේ නම තමයි ග්‍රෙගරි.ඊට පස්සේ අපි තනිවම හම්බ වෙලා කතාබහ කළා.එතකොට තමයි ඔහු මට කිව්වේ මං ගැන කැමැත්තක් තියෙනවා කියලා.කොහොමහරි අපි ආදරේ කරලා විවාහ වුණා.

ගොඩක් අය කියනවා මම දැන් වයසයිනේ ඉස්සර වගේ ආදර යෝජනා එන්නේ නෑ නේද කියලා.ඇත්තටම මම ගතින් වයස වුණත් මගේ මහත්තයට තාම මම තරුණයි.ඒ වගේම තමයි මෙහෙ ඉන්න අවුරුදු 25 30 කොල්ලන්ගෙනුත් මට තවමත් ආදර යෝජනා එනවා.එක්තරා තරුණයෙක් දිගින් දිගටම මට කෝල් කරල මැසේජ් කරල photos ඉල්ලලා කරදර කළා.පස්සෙ බැරිම තැන මම හස්බන්ට කිව්වම එයා ඒ තරුණයාව බ්ලොක් කලා.ඒ වගේ සිදුවීම් මම වයසට ගියත් තාම මට වෙනවා.

80 – 90 දශකයේ කියලා කියන්නේ මගේ රංගන ජීවිතය ස්වර්ණමය යුගය කිව්වොතින් නිවැරදියි.ඒ දවස් වල මම ගොඩක්ම රංගනයෙන් දායක වුණේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට සඳහා.”ඇගේ වෛරය” කියන්නේ තවමත් චිත්‍රපට හෝල් වල වැල නොකැඩී ප්‍රේක්ෂකයන් බලන්න එන චිත්‍රපටයක්.දවසක් සුනිල් සෝම පීරිස් මගෙන් ඇහුවා සුමනා මේ පිටපතට කැමතිනම් ඔයාට බ්‍රෙස්ට් එක පෙන්නන්න වෙනවා කියල.ඉන්පසු මම කිව්ව මම එහෙම ඇඳුම් ගලවන්නම ඕන නම් ඒක මම කරන්නම් කියලා.මට ඒකට ඒ දවස්වල ලක්ෂ 5 ක් ගෙව්වා.හැබැයි ඒ චිත්‍රපටයේ මම පෙන්නුවෙ පපුව විතරයි.නමුත් ඊට එහා ගිය දේවල් පේන කොටස් බට් කරලා සමාජ මාධ්‍ය තුළ විවිධ වීඩියෝස් සැරිසරල තිබුණා.නමුත් ඒ කොටස් නම් මගේ නෙවෙයි.” කියලා තමයි ඇය කියලා තිබුණේ.

සුමනා ගෝමස් කියලා කියන්නේ ශ්‍රී ලාංකීය සිනමාවේ ආන්දෝලනාත්මක පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සිනමා ක්ෂේත්‍රයේ බැබලුන තාරකාවක්.මේ වන විට ඉතාමත් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන ඇය හට ඇගේ සියලුම බලාපොරොත්තු සාර්ථක වේවා කියල හදවතින්ම සුභ පතනවා.