Celebrity Gossip

තාත්තගේ රෝල් එකක් නම් ඇත්තටම ඕනි නෑ. ඒක නෑ කියලවත් අපිට දැණුන් නෑ – කේ.සුජීවාගේ පොඩි දුව රෝස්

කේ.සුජීවා කියලා කියන්නේ සංගීත ලොව තුල සිටින ජනප්‍රිය ම දක්ෂ ගායන ශිල්පිනියක්. ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි චරිතයක් වන ඇය හැමදාමත් තම තරුණ පෙනුම රැක ගැනීමට උත්සාහ කරන කෙනෙක්. එ නිසාම ඇය එදාටත් වඩා අද වන විට ඉතාමත්ම සුන්දරයි. රෝස් හා අන්ජලී කියන ආදරණීය දියණියන් දෙදෙනාගේ ආදරය මැද ඉතාම සතුටින් සැහැල්ලුවෙන් කල්ගත කරන කේ සුජීවා පවුල පුණ්‍ය කටයුතු සඳහා සිය දායකත්වය ඉහළින්ම ලබා දෙන පිරිසක් වනවා. ඉතින් අප කවුරුත් දන්නා පරිදි පසුගිය දවස්වල කේ සුජීවාට විවිධාකාරයේ ගැටලු වලට මුහුණ දීමට සිදුවුණා.

පළමු විවාහයෙන් වෙන් වී දියණියන් දෙදෙනා සමග තනිකඩව කාලය ගත කරන කොට තමයි ඇයට ජනප්‍රිය ගායන ශිල්පී අජිත් මුතුකුමාරණ ව මුණ ගැහෙන්නේ. ඉන් පසු ඔවුන් දෙදෙනා එක වහලක් යට අවුරුදු කීපයක්ම සතුටින් කාලය ගත කළත් ඔවුන් අතර ඇතිවූ නොයෙකුත් මතභේදාත්මක තත්ත්වයක් නිසා ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය නවත්වා වෙන් වීමට ඔවුන් තීරණය කරනවා. ඉතින් අජිත් මුතුකුමාරණ නැවතත් තම පළමු බිරිඳ අසලට ගිය අතර සුජීවා දියණියන් දෙදෙනා සමග නැවතත් තනිකඩ දිවියක් තමයි ගත කරන්නේ.

ඇයගේ සෑම කටයුත්තකදීම ඇයට විශාල ශක්තියක් සහ සහනයක් වන්නේ ඇගේ ආදරණීය දියණියන් දෙදෙනායි. සමහර අවස්ථාවලදී ඔවුන් දෙදෙනාත් ප්‍රසංග වේදිකා තුළ ගීත ගායනා කරනවා අපට දැක ගන්නට පුලුවන් වෙනවා. ඉතින් එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියෙක් විසින් k සුජීවා ගේ පොඩි දුවගෙන් ප්‍රශ්නයක් අහනව අම්මා නැති උනාම අවුල්ද කියලා. ඉතින් ඒකට ඇය පිළිතුරු දුන්නේ මේ විදිහට.

” අම්මා නැතිවුණාම පොඩ්ඩක් අවුල්. අම්මත් එක්ක විඳින හැම තත්පරයක්ම හොඳ මතකයක්. එයා මාව කොහේ හරි එක්කන් ගියොත් ඒකත් මතකයක්. තාත්තගේ රෝල් එකක් නම් ඇත්තටම අක්කටයි මටයි ඕනි නෑ. ඇත්තටම ඒක නෑ කියලවත් අපිට දැණුන් නෑ. ඒක ෆුල්ම එයා කවර් කරනවා. අම්මගේ ටාගට්ස් ගැන අම්මා අපිට කියන් නෑ. එයාට හිතුණනම් මොනාහරි අපිට කියන් නැතුව කරන දේ කරලම තමයි පෙන්නන්නේ. මායි අක්කයි හරි වෙනස්. අක්කයි නංගියි නෙවෙයි. යාලුවෝ. එයාගෙයි අම්මගෙයි සපෝට් එක ආවම ඉතින් මම ගොඩ. “

ඉතින් මේ විදිහට ආදරණීය අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.