Celebrity Gossip

නළුවෙකුට එහා ගිය ගුරුවරයෙක් ශ්‍රියන්ත ගෙන නොඇසූ කතාව

කලා ලෝකය තුළ ප්‍රවීන දක්ෂ කලාකරුවෙකු ලෙස හදුන්වන්න පුළුවන් චරිතයක් තමයි ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නෙ. ඔහු පුංචි තිරය වේදිකාව සිනමාව සියල්ල අතික්‍රමණය කළ දක්ෂ නළුවෙක්. එම නිසා තමයි ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයාට ප්‍රවීණ අයෙකු ලෙස සැවොම ආමන්ත්‍රණය කරන්නෙ. ඔහුගේ බිරිඳ කුසුම් රේණු මහත්මිය පුංචි තිරේ තුළ සාර්ථක නිර්මාණ ගණනාවකට දායක වෙලා තියෙන දක්ෂ රංගන ශිල්පිනියක්

ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා ජීවිතයේ දැන් ගොඩක් සතුටින් කාලය ගත කරනවා කියලා තමයි දැනගන්නට ලැබෙනෙ. ශ්‍රියන්ත කුසුම් යුවලට දාව ඉපදුනු දරුවන් දෙදෙනා මේවට ව්‍ට යුග යුගදිවියට පිවිසිලා. ශ්‍රියන්ත කුසුම් ආච්චිලා සීයලා වෙලා දරු හුරතල් බලනවා .. ඒ ගැන ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා කිව්ව මෙන්න මෙ වගේ අදහසක්..

මගේ දියණියන් දෙදෙනා විවාහකයි ලොකු දුවට දරුවෙකු සිටින නිසා අපි දැන් ආච්චිලා සීයලා අපි හරි සතුටින් තමයි ජීවිතය ගත කරන්නෙ. ආච්චිලා සීයලා වෙන එක ජීවිතයෙ එක්තරා උසස්ව්මක්. ඒක දෙවියන්ගෙන් ලද ත්‍යාගයක් ලෙස මම දකින්නේ.

ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්තයා මේ වෙද්දි තවත් අලුත් නිර්මාණයකට දායක වෙලා කියලා තමයි ආරංචි වෙන්නේ. ඔහු රංගන ශිල්පියෙක් විතරක් නෙවෙයි ඊට එහා ගිය තනතුරු තානාන්තර දරන වගකීම් සහිත වෘත්තිකයෙක් කිව්වොත් නිවැරදියි.

මම ඉතිහාස ගුරුවරයෙක් ලෙස අවුරුදු තිස්තුනක් රාජකාරි කරා. 2010 – 2015 රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩල සභාපති මෙ වෙද්දි බස්නාහිර පළාත් පළාත් සෞන්දර්ය නිකේතනයෙ සභාපති.

උගත් බුද්ධිමත් ප්‍රවීණ කලාකරුවාට තරහ ජීවිතයත් සතුටින් නව නිර්මාණ වලින් පිරිච්ච සාර්තක ජීවිතයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.