Celebrity Gossip

තාමත් කෙල්ල වගේ ඉන්න කොල්ලො පස්සෙන් එන ශ්‍රීමාලි

2012 වසරේ ලංකාවෙි විවාහක රැජින විදියට අභිසෙස් නංවන ලද ශ්‍රීමාලි ෆොන්සේකා මෙි වෙද්දි ටෙලි නිර්මාණ කිහිපයකටම දායක වෙලා තියෙන රංගන ශිල්පිනියක් වනවා.

” මගෙ ආරම්භය වුනෙ මොඩ්ලින් වලින්.ඉතින් ඊට පස්සෙ මම රංගනය ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියත් එහෙම අවස්ථාවන් නම් ලැබුනෙ නැතිම තරම්.ඒත් පස්සෙ කාලෙ මට ලැබුන අවස්ථාවක් ඒ තමයි තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ රගපාන්න.අනතුරුව තමයි මට සකර්ම චරිතය රගපාන්න ලැබුනෙ”

ඇය කියන විදියට තමන් ලබපු ඇතැම් ජීවන අත්දැකීම් කටුක වුනත් ඒ ඔස්සේ පන්නරයක් ලබාගනිමින් හැමදෙයක් තුලින්ම දේ ඉගෙන ගනිමින් තමයිලු මෙි ගමන එන්න හැකියාව ලැබුනෙ.ඇය තමන්ගෙ විවාහයෙන් පවා වෙන්ව සිටියත් දක්ෂතාවයට යද්දි තමන්ට ගැලපෙන කෙනෙක් හම්බෙයි කියල තමයි ඇය කියන්නෙ.

” රංගනයට වගේම කලාවට එන අයට විවාහය කියන්නෙ එක වෙලාවකට කෙනෙකුගෙ හැම දෙයක්ම අඩපණ වෙන්න පුළුවන් තැනක් නමුත් හරි කෙනාව හම්බුවනව නම් ඔය ගැටලුන නෑ.ඉතින් මම නිතරම කැමතියි නිදහසේ කලා කටයුතු කරන්න.මොකද ලැබෙන නිදහස තුලින් ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙන නිසා”

රංගනය කියන්නෙ තවදුරටත් ඉගෙන ගන්න ඔිනා වගේම අදින්න පලදින එකෙන් වගේම ජනප්‍රියත්වය ලැබීමත් එක්ක නිහතමානීව ජීවත්වීම තුලිනුත් බොහෝ දේ අපට ලගාකරගන්න හැකියාව ලැබෙනව කියලයි ඇය හිතන්නෙ.

” කැමරාවට අපි කරන ඇතැම් දේවල් ගොඩක් අය වරදවා හිතල සමහර අය අපි ගැන වෙනත් කෝණයකින් බලනව.ඒත් මම නම් ඒකට එච්චර කැමැති නෑ.මොකද අපි හැමදෙයක්ම කරන්නෙ අපේ සීමාවෙ ඉදගෙනයි.