Celebrity Gossip

ජීවත් වෙන අයව නැති කරලා දාලා හම්බ කරන සල්ලිවලින් කන ටික වහ වෙන්නත් පුළුවන් – අමල් පෙරේරාගෙ බිරිඳගෙ හිතවතියක්

අමල් පෙරේරා කියලා කියන්නේ සංගීත ක්ෂේත්‍රය තුළ සිටින අති දක්ෂ ගායන ශිල්පියෙක්. බොහෝ ගීත ගණනාවක් ඔස්සේ රසික රසිකාවියන් පිනවීමට සමත් වූ ඔහු ඇත්තෙන්ම ලංකාවේ සිටින ජනප්‍රියම ගායන ශිල්පීන් අතුරෙන් අයෙක්. ඔහුගේ පියා වන මර්වින් පෙරේරාගේ හඬ පෞරුෂය එලෙසින්ම උරුම කරගත් ඔහු එම උරුමය එලෙසින්ම ඔහුගේ පුතා වන නදීමාල් පෙරේරා ටත් ලබාදී අවසන්. නදීමාල් පෙරේරා ගේ ගීත ගණනාවක්ම මේ දින වල දී රසික රසිකාවියන් ඉතාමත්ම උවමනාවෙන් අසන බව නොරහසක්. මේ දවස් වල හිරු නාළිකාවේ විකාශය වන හිරු ස්ටාර් ගායන රියලිටි වේදිකාවේ විනිසුරු වරයෙක් ලෙස කටයුතු කරන ඔහු තම තීරණාත්මක විනිශ්චය තරගකරුවන් වෙත ලබා දෙනවා.

ඉතින් අමල් පෙරේරා කියලා කියන්නේ දෙවන වරට යුවතියක් විවාහ කරගත් අයෙක්. පළමු විවාහයෙන් වෙන්වී සිටින ඔහු දෙවැනි වරට විවාහ වන්නේ ෂිරෝශි නම් සුන්දර යුවතියක් සමඟයි. මේ වන විට ඔවුන් දෙපළට දියණියක් ද සිටිනවා. ඉතිං පසුගිය කාල වකවානුව තුළදී ඇය පිළිබඳව අපට අසන්නට ලැබුණේ ඉතාමත්ම කණගාටුදායක පුවතක්. ඒ ඇය හදිසි අනතුරකට ලක් වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබීමයි. ඉතින් පසුගිය දිනක දී විවිධ යූටියුබ් මාධ්‍ය නාලිකා වගේම විවිධ සමාජ මාධ්‍ය ජාලා ඇය හදිසියේම මෙලොව හැර ගොස් ඇතැයි කියන සාවද්‍ය ප්‍රකාශය ප්‍රචාරය කරලා තිබුණා. ඉතින් ඒ ගැන ඉතාමත්ම කණගාටුව ප්‍රකාශ කරන ඇගේ හොඳම මිතුරියක් මෙවන් ආකාරයේ ප්‍රකාශයක් සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුම ඔස්සේ සටහන් කරලා තිබුණා.

” අද දවසෙ share කරලා තිබ්බ කිසිම පදනමක් නැති post දෙකක් මේ. රසික ආදරය ලබමින් ජීවත්වෙන ජනප්‍රිය ශිල්පීන් ගැන මේ විදියට ප්‍රචාරය කරලා මේ youtube / web අයිතිකාරයෝ බලාපොරොත්තු වෙන දේ නොදන්නවා නෙවෙයි . සමාජ මාධ්‍යයක් තුළින් හැමදෙයක්ම හරි ඉක්මනට විහිදෙනවා. සමහර අය ඉන්නවා මොකක් හරි news එකක් දැක්ක ගමන් ඇත්ත නැත්ත හොයන්නැතුව එයාලත් ඒක share කරනවා.

සමහර බොරු news දාපු web/ youtube වලට මම එයාලා දාලා තියන එයාලගෙම නොම්මරවලට කතා කරපු අවස්ථාත් තියෙනවා. ජීවත්වෙලා ඉන්න මිනිස්සු නැතිවුණා කියලා දාලා viewers ලා වැඩි කරගෙන හම්බ කරන සල්ලිවලින් දරු පවුලකට කන්න දෙන එකත් මහා තක්කඩි වැඩක්. ජීවත්වෙලා ඉන්න රටක් ආදරය කරන අයට මෙහෙම දාන්න කලින් හිතන්න පුළුවන්නම් තමන්ගෙ පවුලෙ කෙනෙක් ගැන මේ විදියට කවුරු හරි බොරු ප්‍රචාරයක් කළොත් තමන් මොන වගේ දෙයක්ද කරන්නෙ කියලා. අනුන්ට කරන දේ තමන්ට වුනොත් මොනවා හිතෙයිද කියලා හිතන්න . ඒ වගේම මෙහෙම ජීවත් වෙන අයව නැති කරලා දාලා හම්බ කරන සල්ලිවලින් කන ටික වහ වෙන්නත් පුළුවන් . මේ කා ලක ණ්ණි දේවල් ටයිප් කරනකොට ඒවා voice කරනකොට මම දන්නෙ නෑ හිතක් තියාගෙන කරනවද කියලා. ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ව නැති කරලා දාලා හරි සල්ලි හම්බ කරන්න හිතන කෙනෙක්ට සල්ලි වෙනුවෙන් තමන් ළඟ ඉන්න අයවත් විකුණන්න පුළුවන් කියලයි මම හිතන්නෙ. “

ඉතින් මේ විදිහට තමයි ඇය ප්‍රකාශ කරලා තිබුණේ. ඉතින් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ශිරෝෂිට ඉක්මන් සුවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.