Celebrity Gossip

ටිකට් අදින ශිරෝමි ප්‍රියදර්ශනීගේ නිලියක් පරාද දුව මෙන්න

මතක ඇතිනෙ දිල්හානි අශෝකමාලා එක්ක රංගනයට ආපු ශිරෝමි ප්‍රියදර්ශනී මතක ඇතිනෙ.ඇයව අපිට වැඩිපුරම දකින්න ලැබෙන්නෙ නම් ටිකට් දිනුම් ඇදීම්වලයි.නිතරම පුංචි තිරය තුල ආලින්දයට එහෙම එන ශිරෝමිට මුල් කාලයේ රංගනයට එන්න අවස්ථාව ලැබුනත් ඇය එවන් දේට යොමු නොවුනු බවත් පැවසෙනව.

අද අපි කතාකරන්න යන්නෙ ශිරෝමි ප්‍රියදර්ශනී ගේ දියණිය හිරු රශ් විජේසූරිය ගැනයි.ඇය හට ඇගේ ලස්සන නිසාම රංගනයට පවා බොහෝ අය කතාකලත් ඇය තවදුරටත් ඉගෙන ගන්න බවත් පැවසෙනවා.ශිරෝමිද ක්ෂෙත්‍රයේ සිටින කෙනෙකු නිසාම බොහෝ දෙනා ඇයව රංගනයට එකතුකරගන්න වෙර දරනවා.

” රංගනයට වඩා ඇය කැමැත්තෙන් ඉන්නෙ ඉගෙනීමෙන් ඉස්සරහට යන්න.මම හිතන්නෙ මම කලාවට සම්බන්ධ වුනත් ඇය කලාව කෙරෙහ යොමුවෙන එකක් නැතිවෙයි.

කොහොම වුනත් හිරු ගේ විනෝදාංශය වෙන්නෙ පුංචි බලු පැටවුන් හදාගැනීමයි.එහෙම සුරතල් සත්තු දෙන්නෙක්ම ඇයට ඉන්න බවත් පැවසෙනවා.එසේම ඇය නිතරම අම්මාගේ කලා කටයුතු නිවෙිදනයන් ආදිය සියල්ල අගය කරනකෙනෙක් බවත් තමන්ගේ මව ලෝකයේ ඉන්න හොදම අම්මා කියලයි ඇය කියන්නෙ.

” ඒ කාලෙ ඉදන්ම දුව කැමති ආකරයට ඉදිරියට යන්න තමයි ඇයට අවස්ථාව මම ලබාදීලා තියෙන්නෙ.මොකද ගොඩක් දෙමව්පියෝ තමන්ට ලබාගන්න බැරි දේ දියණිය තුලින් ලබාගන්න උත්සහ කරනව මම ඒකට එච්චර කැමැත්තක් නෑ.

හිරු නිතරම පොත පත කියවීම වගේම ක්‍රීඩාවටත් දක්ෂ තැනැත්තියක් වගයි දැනගන්නට නම් ලැබෙන්නෙ. තමන්ගෙ මව ක්ෂේත්‍රය ගැන දක්වන උනන්දුව ගැනත් මව ගැනත් ඇය සතුටු වන බව පවසනවා.එහිදී ඇගේ අාදරය වගේම රැකවරණය නොඅඩු බවයි ඇය පවසන්නේ.