Celebrity Gossip

ඔයාගේ මැජිකල් ඇස් දෙක හංගගෙන තියාගන්න ඇස් දෙක වැඩිය පෙන්නන්න එපා – ශිහාන් මිහිරංග

ශිහාන් මිහිරංග කියලා කියන්නේ ගායන ක්ෂේත්‍රය තුළ සිටින ඉතාමත්ම දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ඒ වගේම තමයි තවමත් තරුණියන්ගේ සිහින කුමරා වන්නේත් ඔහුයි. මේ වන විට වයස අවුරුදු හතළිහකට ආසන්න වුවත් ඔහුට තවමත් ඇත්තේ ඉතාමත්ම කඩවසම් හැඩරුවක් සහ කටහඬක්. ඒ නිසාම තමයි තවමත් ඔහුට රසික රසිකාවියන් වෂී වී සිටින්නේ. සිරස සුපර්ස්ටාර් ගයන රියැලිටි වේදිකාව ඔස්සේ ගීත ගායන කරළියට පැමිණි ඔහු එම තරගාවලිය ජයග්‍රහණය නොකළත් තමන්ගේම උත්සාහයෙන් නිර්මාණය කර ගායනා කරන ලද ගීතයන් නිසා අද වන විට සංගීත ලොවට නැතුවම බැරි චරිතයක් වී හමාරයි. ශිහාන් මිහිරංග ගායනා කරන ලද සෙව්වන්දියේ , ඔය රුව දුටු විට , ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ආදී ගීතයන් අදටත් රසිකයන් ඉතාමත්ම ඕනෑකමින් සහ ආසාවෙන් යුතුව රසවිඳිනවා.

ඉතාමත්ම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ෂිහාන් මේ වන විට ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වී අවසානයි. ඔහු විවාහ වන්නේ අවුරුදු ගාණක් තිස්සේ සිට පෙම්කළ යුවතිය සමග වීම විශේෂත්වයක්. කොතරම් තරුණියන්ගේ ආකර්ෂණය ඔහුට ලැබුණත් ඔහු ඔහුගේ ආදරය අමතක කළේ නැහැ. ඉතින් ඔබ අප කවුරුත් දන්නා කාරණාවක් තමයි ශිහාන් මිහිරංග මේ දවස්වල හිරු නාලිකාවේ විකාශය වන හිරු ස්ටාර් රියැලිටි වේදිකාවේ විනිසුරුවරයකු ලෙස කටයුතු කරනවා. ඉතින් එහිදී ඔහු තරඟකරුවන්ට ඉතාමත්ම ධනාත්මක ප්‍රතිචාර ලබාදෙන බව බොහෝ අවස්ථාවන්වල දී අප දකිනවා. ඉතිං පසුගිය දිනකත් එක්තරා තරුණියකට ඔහු එවන් ආදරණීය ප්‍රතිචාරයක් දක්වලා තිබුණා. ඉතින් එයට බොහෝ රසික රසිකාවියන් ඔහුව වර්ණනා කර තිබූ අතර ඔහු ඇයට පවසා සිටියේ මේ වගේ දෙයක්.

” රුව ඇති කට ඇති වාසනාවන්ත හැඩ ඇති දුවක්. ඔයාට Magical ඇස් දෙකක් තියෙනවා. ඔය ඇස් දෙක හංගගෙන තියාගන්න. මොකද ඒක වැඩිය පෙන්නන්න එපා. ඒක ස්ටේජ් එකේ performance එකකට ඉතුරු කරගන්න. ඒක බලන්න ටිකට් අරන් ඒවි. ලඟට ඇවිල්ල ෆොටෝ එකක් ගන්න. ඇත්තමයි වාසනාවන්ත ළමයෙක්. ඔයාගේ concert එකක් තියන වෙලාවක මටත් ටිකට් එකක් දෙන්න. සල්ලි ගෙවලා ඇවිත් බලන්නම්. “

මේ විදියට තමයි ඔහු ඇයට ප්‍රශංසා කරලා තිබුණේ. ඉතිං කවුරුත් ආදරය කරන මේ ආදරණීය කලාකරුවාගේ සියලුම සංගීත කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.