Celebrity Gossip

ඒ ගෑනු ළමයට මං ගාවට එන්න බැරි නිසා මම එයා ළඟට ගිහින් ගීතයේ කොටසක් ගායනා කළා – ශිහාන් මිහිරංග

ශිහාන් මිහිරංග කියලා කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය දක්ෂ ගායන ශිල්පියෙක්. සිරස සුපර් ස්ටාර් ගායන රියලිටි තරගාවලිය ඔස්සේ කරළියට පැමිණි ඔහු බොහෝ තරුණියන්ගේ සිහින කුමරා වුණා. අවුරුදු හතළිහකට ආසන්න වයසක ඔහු සිටියත් තවමත් ඔහුට ලැබෙන ප්‍රේක්ෂක ආකර්ෂණයේ අඩුවක් නැති බව නම් ඔබ අප කවුරුත් දන්නා කරුණක්. හිරු නාළිකාවේ විකාශය වන hiru star ගායන රියැලිටිය තුළ විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් මේ දිනවල දී කටයුතු කරන ඔහු කාගේත් සිත් දිනා ගන්නා අයුරින් තම විනිශ්චය ලබා දෙන බව අපට දැකගන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔහු ගායනා කරන ලද බොහෝ ගීත අදටත් රසික රසිකාවියන් ඉමහත් ආසාවෙන් යුතුව රස විඳින බව නම් කිව යුතුමයි.

ශිහාන් කියන්නේ මේ වන විට ආදරණීය දරුවන් දෙදෙනකුගේ පියෙක්. ඔහු විවාහ වන්නේ එදා සිටම ඔහු ආදරය කළ යුවතිය සමගයි. කෙතරම් තරුණියන්ගේ ආකර්ෂණයට ඔහු නතු වුවත් ඔහු සිය ආදරය අමතක කලේ නෑ. ඒ නිසාම ප්‍රේක්ෂක රසික රසිකාවියන්ගේ හද තුළ ඔහු පිළිබඳ ව ඇත්තේ අප්‍රමාණ ගෞරවය මුසු ආදරයක්. ඒ වගේම තමයි ඔහු ඉතාම නිහතමානී කලාකරුවෙක් වනවා. ඉතින් ඒ පිළිබඳව ඔහු අදහස් දක්වන්නෙ මේ විදියට.

‘කලාකරුවෙක්ට විනයක් තියෙන්න ඕනේ. ඒකට තමයි ඔය මිනිස්සු නිහතමානිත්වය කියලා කියන්නේ. නිහතමානී බව කියන එක සාපේක්ෂයි. මම හිතන විදිහට හැමෝම කියනවා නම් ශිහාන් නිහතමානියි කියලා ඇත්තටම එතන තියෙන්නේ නිහතමානීත්වයට එහා ගිය විනයක්. මම රියැලිටි එකක ඉන්න තරුණ තරුණියන්ට වුණත් කියන්නේ විනයක් තියාගන්න කියලා. මීට අවුරුදු දාහතකට දහ අටකට කලින් ඉදං මිනිස්සු මට ආදරේ කළා. මාව දිනවන්න එස්එම්එස් මනාප පල කළා. ඉතින් ඒ ලැබුණු ආදරේ නැති වෙන විදිහට කිසිම පෞද්ගලික වාසියක් තකා වත් සල්ලි වෙනුවෙන් වත් හැඟීම් වෙනුවෙන් වත් මම කිසිම දෙයක් කළේ නැහැ. එහෙම නොකර ඉන්න තරම් විනයක් මට තිබුණා. ඒ නිසා තමයි මිනිස්සු මට කියන්නෙ නිහතමානීයි කියලා.’

ඒ වගේම පසුගිය දිනවලදී සමාජ මාධ්‍ය තුළ සැරි සැරූ එක්තරා වීඩියෝ පටයක් නිසා නැවතත් ශිහාන් මිහිරංග පිළිබඳව මතක ආවර්ජනයක් සිදු වුණා. ඒ ගැන ශිහාන් කිව්වේ මේ වගේ දෙයක්.

‘ ඒක අහම්බෙන් සිද්ධවුන දෙයක්. මිනිස්සුන්ට මතකය අලුත් උනා. ඒ වගේම සිද්ධියක් මට අවුරුදු 19 දී මගේ පළවෙනි සීඩි එක එළිය දුටු වෙලාවෙදි. ඒක අහම්බයෙන්.එදා මම ඒ වෙලාවේ ඉදිරිපස සිටිය එක් ගෑනු ළමයෙක්ව උඩට ගන්නවා ඇස ගැටෙනා ගීතය ගායනා කරන විට. මම දැන් අවුරුදු 40 සම්පූර්ණ වෙන්න ඉන්නෙ. නැවත වතාවක් ඒ වගේ දෙයක් වුණා සෙනසුරාදා දවසක. ඒක නම් ඒ ළමයට එන්න බැහැ. එයා මාව බලන්න ආවා කියලා මට හිතුනා. එයාට මං ගාවට එන්න බැරි නිසා මං ළඟට ගිහිල්ලා ගීතයේ කොටසක් ගායනා කළා. ඒ අවස්ථාව බොහෝ පිරිසක් හොඳ විදිහට දැකලා තිබුණා. ‘

මේ විදියට තමයි ඔහු එහිදී කියා සිටියේ. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය ගායන ශිල්පියාගේ සියලුම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.