Celebrity Gossip

ළමයි නැති වද ගෑනි කියලා කට්ටිය මාව රිද්දනවා මමත් අම්මා කෙනෙක් වුණා දෙයක් නොදැන කියවන්න එපා

ශෙරිල් ඩෙකර් කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රියම රංගන ශිල්පිනියක්. ඇයව ගොඩක් රසික රසිකාවියන් අතරට ආවේ ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය කරන ලද අමා ටෙලි නාට්‍යයේ ඇය රඟපෑ අමා කියන චරිතය ඔස්සේයි. ඉතාමත්ම අහිංසක පෙනුමක් උපතින්ම හිමිකරගත් ඇයට එම චරිතය මනාසේ ගැලපුන නිසාම ගොඩක් දෙනෙක් ඇයට එම නමින් ආමන්ත්‍රණය කළා. ඇය රංගන ශිල්පිනියක් ලෙස පමණක් නොව නිරූපණ ශිල්පිනියක ලෙසත් වැඩ කටයුතු කරගෙන යමින් සිටිනවා. ඒ වගේම තමයි music videos ගණනාවක රූප රචනයටත් ඇය දායක වෙලා තියෙනවා.

ඉතින් මේ වන විට ඇය ආදරණීය බිරිඳක්. විවාහයෙන් පසුව ඇය වැඩිය නිර්මාණ සඳහා දායක වුණේ නැහැ. ඉතින් ඇය විවාහ වන්නේ ගායන ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රියම දක්ෂ ගායන ශිල්පියෙක් වන රුවන් හෙට්ටිආරච්චි සමඟයි. ඉතිං ඔවුන් දෙදෙනා විවාහ වී මේ වනවිට දිගු කාලයක් ගතවනවා. දරු සුරතල් බලන්න ඕනි වයසක ඔවුන් සිටියත් තවම ඔවුන්ට ඒ සිහිනය සැබෑ කරගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ඉතින් ඒ නිසාම සමාජයෙන් බොහෝ දෙනා ඇයට නොයෙකුත් සිත රිදෙන කතා කියනවා. ඉතින් ඒ නිසාම ඇය ඒ ගැන එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වලා තිබුණා. ඒ මේ විදිහට.

” කෙනෙක්ගෙ ජීවිතේ කිසිම දෙයක් දන්නෙ නැතුව මිනිස්සුන්ට ඇඟිල්ල දික් කරන්න එපා. මමත් අම්මා කෙනෙක් වුන කෙනෙක්. මං කියන්නේ කිසිම ගැහැනියකට එහෙම කරන්න එපා. මට ගොඩක් අපහස කලේ ගැහැණු අය. දෙයක් දන්නේ නැතුව කතා කරන්න එපා, මම කියන්නේ කෙනෙක් බැන්දම පස්සේ ඒ කෙනාට අවශ්‍ය නම් ළමයෙක් හදයි. නැත්තන් හදන්නේ නැතුව ඉඳීවි. සමාජයට ඕන විදියට වැඩ කරන්න බෑ. මම මේ කියන්නේ ඇත්ත දෙයක් අනේ ඒ ගැන වැරදියට හිතන්න එපා.

මම හරිම අකමැතියි වචනයෙන් මිනිස්සු රිද්දන්න. මට කියලා තියෙනවා ළමයි නැති ගෑනි වඳ ගෑනි කියලා. කමක් නෑ. ඕවා කියන්න කියන්න මම ශක්තිමත් වෙනවා. මට ඕවට කඳුළු ගඟක් ගලනකන් අඬන්න පුළුවන්. එත් මම අඬන්නේ නෑ දරාගෙන ඉන්නවා. මම දන්නවා කවදාහරි මට හොඳම දේ ලැබෙනවා කියලා. අනේ මම කියන්නේ කවදාවත් ගැහැනියකට ළමයෙක් නෑ කියලා කවදාවත් අපහස කරන්න එපා “

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඇයගේ කිරි සිහිනය ඉක්මනින්ම ඉටුවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.