Celebrity Gossip

සමහර දවස් වල නම් මම නිල් වෙන්න ගුටි කෑවා

හේෂානි ලියදිපිට කියලා කියනවාටත් වඩා ඇයව ගොඩක් දෙනෙක් ආමන්ත්‍රණය කරන්නේ ධරණි කියන නමින්. ඒ දෙරණ ටීවී ඔස්සේ විකාශය වන ධරණි ටෙලි නාට්‍යයේ ඇය රඟ දක්වන්නා වූ තාත්වික රංගනය නිසාමයි. සාමාන්‍ය තරුණියකගේ ජීවන රටාවට හාත්පසින්ම වෙනස් වූ ජීවන රටාවක් ඇති තරුණියගේ චරිතය නිරූපණය කරන ඇයව ප්‍රේක්ෂකයා වැළඳ ගන්නේ ඉතාමත් කැමැත්තෙන්.ඇය රංගන දිවියට පිවිසෙන ප්‍රථම නාට්‍ය වන්නේ ධරණි ටෙලිනාට්‍යයයි.දෙරණ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලත් ඇය පසුගියදා සහභාගි වූ මාධ්‍ය සාකච්ඡාවක දී ඇයගේ ටෙලි නාට්‍ය අත්දැකීම පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරින්.

ඇත්තටම මම මේ වෙලාවේ දෙරණ නාලිකාවට ස්තූතිවන්ත වෙන්න ඕනේ මට මේ වගේ අවස්ථාවක් ලබා දුන්නට. මම ධරණි ටෙලි නාට්‍ය රඟ දක්වන්න කලින් කවදාවත්ම සටන් කලාව පිළිබඳව අධ්‍යනය කරලා නැහැ.ඒ නිසා මේ ටෙලි නාට්‍යයේ පුහුණුවීම් කටයුතු කරන්න වුනේ marster කෙනෙක්ගෙ අනුදැනුම යටතේ. ඇත්තටම මම ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ ලබපු පුහුණුවීම් එක්ක තමයි මට මේ තරම් සාර්ථක විදිහට සටන් කලාව පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන් වුණේ. ඇත්තටම මුලින්ම මං ගොඩක් බය වුනා සටන් ජවනිකා වල නිරත වෙන්න. නමුත් එයාල එක්ක වැඩ කරද්දි හිතේ තියෙන බය නැති වුණා.

එයාල එක්ක පුහුණුවීම් කරන කොට ඇත්තටම එයාලා මාව ගොඩක් පරිස්සම් කළා. මාස්ටර්ගෙ ගෝලයන්ගෙන් නම් එහෙම සැරට පාරවල් ලැබුණේ නැහැ. නමුත් පිටින් එක ගෙනාපු ආධුනික ගැහැණු ළමයින්ගෙන් ඇත්තටම දරුණුවට පහර වැදුණු අවස්ථා තිබුණා. ගුටි කාපු සමහර තැන් දවස් ගණන් නිල් වෙලා තිබුණා. ඒත් ඉතින් ඒ ටෙලි ටෙලිනාට්‍යයේ මම ලබපු අත්දැකීම් බොහොමයි. ඒ නිසා හරිම සතුටින් තමයි රූගත කිරීම්වල නිරත වුණේ.

යනුවෙන් තමයි ඇය පවසා සිටියේ. ඉතිං ඇය කලා ක්ෂේත්‍රයට නවක ආධුනික ශිල්පිනියක් වුවත් ඉතාමත්ම හොඳින් රඟපෑම් කටයුතුවල නිරත වෙනවා. ඉතින් ඇගේ සියලුම පැතුම් ඉටු වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.