Celebrity Gossip

මම විවාහ උනේ සිංහල යුවතියක් සමග. ඇය ඉස්ලාම් ආගමට ආවා විවාහයෙන් පස්සේ – ෂශී විජේන්ද්‍ර

කාලයක් රිදී තිරය බැබළ වූ අපූරු රංගන ශිල්පියෙක් තමයි ෂශී විජේන්ද්‍ර කියලා කියන්නේ. සිංහල සිනමාව තුළ ප්‍රේමවන්තයාගේ චරිත පමණක් නොව අනෙකුත් ඕනෑම ආකාරයක චරිතයක් ඉතාමත් තාත්වික ලෙස රඟ දැක්වීමට හැකි අපූරු රංගන ශිල්පියෙක් වන ඔහු කලා ලොව තුල සිටින ප්‍රවීන රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් වන සබීතා පෙරේරා , ජීවන් කුමාරතුංග , අනෝජා වීරසිංහ , දිල්හානි අශෝකමාලා වැනි රංගන ශිල්පීන් සමඟ කරට කර රංගනයෙහි යෙදුන බව අප කොයි කවුරුත් දන්නා කාරණයක්. ඔවුන්ගේ ඇති තාත්වික රංගන හැකියාව නිසාම තමයි අදටත් එම සිනමා පට රසික රසිකාවියන් ඉතාම ආදරයෙන් වැළඳ ගනු ලබන්නේ.

ෂශී විජේන්ද්‍ර කියලා කියන්නේ උපතින්ම මුස්ලිම් ජාතිකයෙක්. එසේ වුවත් ඔහු සිනමා පට ගණනාවකටම සිය රංගන හැකීයාව විදහා දැක්වීමට සමත් වුණා. නමුත් කාලයක් තිස්සේ අපට ඔහුව සිනමාව තුළ දැකගන්නට ලැබුණේ නැහැ. ඉතින් ඒ ගැන ඔහු එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී පවසා තිබුණේ මේ වගේ දෙයක්.

” මම උපතින්ම මුස්ලිම් ජාතිකයෙක්. අපේ ආගමට අනුව රඟපාන එක එක්තරා විදිහක පාප කර්මයක්. මා ඒ වැරැද්ද නොදැනුවත්ව කාලයක් කළා. නමුත් එය අවබෝධ කරගත් විගසම මා රංගනයෙන් ඈත් වුණා. “

ඒ වගේම තමයි ඔහු සිය විවාහ ජීවිතය ගැන කතා කරන විට දී ඔහු විවාහ වන්නේ සිංහල තරුණියක් සමඟයි. ඉතින් ඒ ගැන වැඩිදුර විස්තර ඔහු එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී කියා සිටියේ මේ විදිහට.

” මම විවාහ වන්නේ සිංහල යුවතියක් සමග. දිනක් අපි කතා කළා අපි ගැන. කොහොම හරි එයා දැක්කම මගේ හිතට මොකද්දෝ අමුත්තක් දැනුනා. මට හිතුනා මෙයා තමයි මගේ සහකාරිය කරගන්න හොඳම කෙනා කියලා. පස්සේ අපි කතාබහ කරලා තීරණය කළා විවාහ වෙන්න. ඇය මගේ ආගම වන ඉස්ලාම් ආගම පිළිගත්තා. ඒ විවාහ වුනාට පස්සේ. මොකද කාලයක් එකට ඉද්දී අපිට තේරුනා මෙහෙම ඉන්න බෑ කියලා. ඉතින් එයා ඉස්ලාම් ආගමට ආවා. විවාහයෙන් පස්සේ මම සිනමාවෙන් අයින්වෙන්න හිතුවේ නෑ. මගේ පලවෙනි film එක මම කරද්දී මට අවුරුදු 25යි. මම හරියටම අවුරුදු 10යි කලා ලෝකයේ හිටියේ. ඒ කාලයට මම film 65ක රඟපෑවා. “

ඉතින් මේ වන විට සිය සැඳෑ සමය ගත කරන මේ ආදරණීය කලා කරුවාගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.