Celebrity Gossip

පවුලක් විදිහට එයා ගන්න හැම තීරණයකටම අවශ්‍ය සහයෝගය ලබාදෙන්න අපි එයත් එක්ක ඉන්නව

ඩිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ මේ වන විට ලංකාවේ සිටින ජනප්‍රියම යුවතිය කිව්වොත් මා නිවැරදියි. ඒ තරමටම සමාජ මාධ්‍ය ජාලා තුළ නිරන්තරයෙන් ම කතා බහට ලක්වන චරිතයක් වන ඇය විවාහ වන්නේ රංගන ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම සහ ජනප්‍රියම රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර සමඟයි. ඩිනක්ෂි කියලා කියන්නේ සාරංග දෙවැනි වරට විවාහ කරගත් බිරිඳ. ඒත් ඉතින් ඔවුන් අතීතයේ සිදුවීම් සියල්ලම අමතක කොට ඉතාම ආදරයෙන් සහ සහයෝගයෙන් තමයි තම පවුල් ජීවිතය ගත කරන්නේ. මේ වන විට ඔවුන්ට සාරන්‍යා නමින් සිඟිති දියණියක්ද සිටිනවා.

ඉතින් අවුරුද්දක් පුරාවට ම සාරන්‍යාගේ මුහුණ සමාජ මාධ්‍ය තුළ නොපෙන්වීම හේතුවෙන් බොහෝ දෙනාගේ නොයෙක් ආකාරයේ දෝෂාරෝපණ වලට නතුවීමටත් ඔවුන්ට සිදුවුණා. ඒත් ඉතින් දෙමව්පියන් දෙදෙනෙක් විදිහට ඔවුන් ගත් එම තීරණයට දෝෂාරෝපණ එල්ල කරන්නට සමාජයට බැහැ. තම සිඟිති දියණියගේ වසරක් පිරීම නිමිති කොටගෙන ඉතාම මියුරු ගීතයක් සහ රූප රචනයක් ඔස්සේ සාරන්‍යාගේ මුහුණ සමාජයට පෙන්වීමට ඔවුන් තීරණය කරනවා. ඉතින් ඒ රූප රචනාවට ගොඩක් දෙනෙක් කියලා තිබුණේ සිඟිති දියණිය සාරංගගෙ කපාපු පළුව වගේ කියලා. කොහොම වුනත් ඉතිං සමාජයෙන් එල්ලවන සෑම දෝෂාරෝපණයක් ම සහ ආශිර්වාදයක්ම සමසිතින් දරා ගන්නා ඔවුන් ඒ කිසිදු දෙයක් ගැන වැඩිය හිතන්න ට යන්නේ නැහැ. ඉතින් සමාජයෙන් එල්ලවන නොයෙක් ප්‍රතිචාර ගැන ඩිනක්ෂි එක් වූ එක්තරා මාධ්‍ය සාකච්චාවකදී කියා සිටියේ මේ වගේ දෙයක්.

” අපි අපේ ජීවිතයේ ගොඩක් දේවල් සමාජමාධ්‍ය හරහා බෙදාගන්න දෙන්නෙක්. ඒක එක එක්කෙනා දකින විදිහ වෙනස් වෙන්න පුළුවන්. සමහර අය කැමතියි, සමහර අය අකමැතියි. මේ දේවල් නිසා විවිධ කතා ඇති වෙනව. අපි ඒ දිහා බලල හිනා වෙලා ඉන්නව. “

ඒ වගේම මාධ්‍යවේදියා විසින් ඔබේ නැගණිය ෂනුද්‍රි ඔබ දකින්නෙ කොහොමද යන්න ඇසූ පැනයට ඇය දුන්නේ මෙවන් පිළිතුරක්.

” ඇත්තටම එයා ගොඩක් දක්‍ෂ කෙනෙක්. රඟපෑම අතින් ගත්තොත් අපිට වඩා දක්‍ෂතාව තියෙන්නෙ ෂනුද්‍රිට. ඒ වගේම නර්ථනයට, ගායනයටත් ඇය එක වගේ දක්‍ෂයි. එයාගෙ ලොකු අක්ක විදිහට මට නංගි ගැන ගොඩක් සතුටුයි. අපි හැමෝටම වඩා ඉදිරියට ගිහින් සාර්ථක වෙන්න ඕන කියල තමයි නිතරම හිතන්නෙ. ඒ වගේම පවුලක් විදිහට ශනූ ගන්න හැම තීරණයකටම අවශ්‍ය සහයෝගය ලබාදෙන්නත් අපි එයත් එක්ක ඉන්නව. “

ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.