Celebrity Gossip

මට අම්මගේ ආදරය අහිමි වුන නිසා පොඩි කාලේ ඉදලම relationship පටන් ගන්නවා

දිනේෂ් ගමගේ කිව්වම නම් මේ දවස් වල නොදන්න කෙනෙක් නැතුව ඇති. ඒ තරමටම රසික හදවත් සියුම්ව ස්පර්ශ කිරීමට සමත් කටහඬක් ඇති ඔහු මෑත කාලීනව වැඩි වශයෙන් ජනප්‍රියත්වයට පත් වූයේ ඔහුගේ නවතම ගීතය වන සෙංකඩගල නුවරට ගීතය නිසයි. ඉන් පෙර දී දැනෙනා තුරු මා ගීතය හරහා අතිශය ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහ ආදරය දිනා ගැනීමට පුළුවන්කම ලැබූ ඔහු මේ වන විට සංගීත ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රියම ගායකයෙක් වී අවසානයි. ඉතින් ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරද්දී කතා නොකරම බැරි මාතෘකාවක් තමයි ආදරය.

ඉතින් කවුරුත් දන්නවනේ මේ වන විට ඔහු ශනුද්‍රි ප්‍රියසාද් සමඟ පෙම් සබඳතාවක් පටන් අරගෙන තමයි තියෙන්නේ. ඔවුන් දෙදෙනා එක්ව ඉතාමත් සුන්දර විදිහට තම ජීවිතයේ ඉදිරි අනාගත කටයුතු සැලසුම් කරනවා. වගේම තමයි ප්‍රියසාද් පවුලේ සාමාජිකයන් සමගත් ඔහු ඉතාමත්ම සමීප ඇසුරක් තමයි පවත්වන්නෙ. ඔවුන් සහභාගි වන විනෝද චාරිකා සඳහා අනිවාරෙන්ම දිනේෂුත් සහභාගි වෙනවා. ඉතින් මේ කියන්න හදන්නේ දිනේෂ්ගේ ජීවිතයේ කවුරුත්ම නො දන්නා කාරණාවක් ගැන. ඒ තමයි ඔහු කුඩා කාලයේදී ගත කරපු විදිහ ගැන. ඉතින් ඔහු එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහුගේ ළමා අවධිය ගැන කියල තිබුනෙ මේ විදියට.

” මට අවුරුදු 4ක් වගේ වෙනකොට අපේ අම්මා රට ගියා. මට එච්චර තේරුමක් නෑ එතකොට. අම්මා town එකට ගිහින් එන්නම් කියලා තමයි යන්නේ. ඒ වුනාට අම්මා අඩනවා. මට දැන් තමයි තේරෙන්නේ ඒ අම්මා අඩන්නේ මාව දාලා රට යන නිසා කියලා. ඉතිං මම තාත්තා එක්ක තමයි හැදී වැඩුනේ. මට අම්මගේ ආදරය අහිමි වුන නිසා මම පොඩි කාලේ ඉදලම relationship පටන් ගන්නවා.

මම පොඩි කාලේ අම්මා රට යනවා ගිහින් ආයේ එනවා. ඉතින් අම්මා කතා කලාම මම එයා ළගට යන්නෙ නෑ. මම ටිකක් ලොකු වෙනකම්ම හිතන් හිටියේ අම්මා අපේ ගෙවල් ළග ඇන්ටි කියලා. එයා තමයි මාව පොඩි කාලේ බලා ගත්තේ. මම අඩු වයසින් relationship පටන් ගන්න කැමතියි. අනිත් කොල්ලො බදින්න කැමති නෑනේ. ඒත් මම හරිම කැමතියි බදින්න. මම කැමතියි පවුලකට. මට ඕන හොද පවුල් ජීවිතයක් ගත කරන්න. ”

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඔහුගේ සියලුම සංගීත වැඩකටයුතු වගේම ඉදිරි අනාගත වැඩ කටයුතු සියල්ලම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.