Celebrity Gossip

තරුණයන්ගේ හීන බොඳ කරමින් ශලනි තාරකා කෝටිපති ව්‍යාපාරිකයෙක් සමග විවාහ වෙන්නයි යන්නේ

ශලනි තාරකා කියලා කියන්නේ මෑත කාලීනව රංගන ශිල්පිනියකට ලැබිය හැකි උපරිම ගෞරවය සහ ආදරය ලැබෙමින් පවතින ආදරණීය රංගන ශිල්පිනියක්. ඒ වගේම තමයි ඇය හරිම නිහතමානි ගුණවත් කාන්තාවක්ද වෙනවා. කියන්නට තියෙන දෙය කෙලින්ම කියන ජාතියේ විවෘත කාන්තාවක් වන ඇයගෙ එම ගති ගුණය නිසාම තමයි බොහෝ රසික රසිකාවියන් පිරිසක් ඇය වටා එක් රොක් වී සිටින්නේ. පහුගිය කාල වකවානුව තුළදී ඇයගේ ජීවිතය යම් යම් හැලහැප්පීම් වලට නතු වන්නට සිදු වුණත් ඇය ඒවා ඉතාමත්ම ශක්තිමත්ව ඉවසීමෙන් දරා ගත් නිසාම අද මෙවැනි තත්ත්වයක සිටීමට ඇයට හැකියාව ලැබී තිබෙනවා.

මෑත කාලීනව ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වූ මීනු ටෙලිනාට්‍ය තුළ ඇය රඟ රඟදැක්වූ අසේකා කියන චරිතය නිසා බොහෝ රසික ආකර්ෂණය දිනා ගන්නට ඇයට පුළුවන් වුණා. ඒ වගේම තමයි ඉන්පෙර ඇය රඟ දැක්වූ ගිරි දේවි ටෙලි නාට්‍යයටත් විශිෂ්ට ඇගයීමක් බොහෝ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ප්‍රේක්ෂකයන්ගෙන් ඇයට ලැබුණා. ඉතින් ඇයගේ එම තාත්වික රංගනය නිසා ම දක්ෂතම නිළියට හිමි සම්මානය සහ ජනප්‍රියම නිළියට හිමි සම්මානය යන දෙකම එකවර දිනා ගැනීමට තරම් ඇය වාසනාවන්ත වුණා.

ඉතින් අද අපි කතා කරන්නට සිතුවේ ඇයගේ ජීවිතයේ වැදගත්ම සංධිස්ථානයක් ගැන. ඒ තමයි කවුරුත් නොදත් ඇයගේ පෙම්වතා පිළිබඳව. ඇය විවාහ වීමට සිටිනවා යැයි කියන්නේ කැනඩාවේ වෙසෙන කෝටිපති ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු සමඟයි. තවම නම් ඔවුන්ගේ විවාහ මංගල්‍යය පිළිබඳව හරිහැටි විස්තරයක් පවසා නැහැ. මේ තොරතුරු අපට දැනගන්නට ලැබුණේ ඇයගේ සමීපතම රූපලාවණ්‍ය ශිල්පියෙක් හරහායි. ඒත් ඉතින් ශලනි නම් මේ ගැන තවම මොකුත් පවසන නැහැ.

ඉතිං රසික රසිකාවන් හැමෝම පවසා සිටියේ ඇය සචින් ලියනගේ සමඟ පෙම් සබඳතාවක් ඇති කරගෙන ඇතැයි කියාය. නමුත් ඇය ඒ පිළිබඳව දිගින් දිගටම පවසා සිටියේ සචින් කියලා කියන්නෙ ඇගේ හොඳම මිතුරකු පමණක් බවයි. කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය තුළ ඔවුන් පෙම්වතුන් ලෙස රඟපෑ නිසා බොහෝ දෙනෙක් ඔවුන් සැබෑ ජිවිතයේදීත් එක් වෙනවට කැමැත්තෙනුයි සිටියේ. නමුත් ඉතින් ඔවුන් හොඳම මිතුරන් ලෙස තමයි මෙතෙක් කල් සිටියේ. ඉතින් කවුරුත් ආදරය කරන මේ රංගන ශිල්පිනියගේ සියලුම ඉදිරි අනාගත වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.