Celebrity Gossip

සෑම කාන්තාවකටම අතීතයක් තියෙනවා නමුත් ඇය ආදරේ කියන සංකල්පය අතහැර නෑ – ශලනි තාරකා

කලා ලොව තුල සිටින අති දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි ශලිනි තාරකා කියලා කියන්නේ. පහුගිය දවස්වල ස්වාධීන රූපවාහිනී නාලිකාවේ අතිශය ජනප්‍රිය වෙමින් විකාශය වු මීනු ටෙලිනාට්‍ය යේ අසේකා කියන චරිතය ඔස්සේ බොහෝ රසික රසිකාවියන්ගේ ආදරය දිනාගන්නට ඇයට පුළුවන් වුණා. ඒ වගේම තමයි ගිරිදේවි වැනි සම්භාව්‍ය ගණයේ ටෙලි නාට්‍ය තුළින් ද ඇයට බොහෝ රසික රසිකාවියන්ගේ ආදරය හා ආකර්ෂණය නිරන්තරයෙන්ම හිමිවුණා. ශලනි කියලා කියන්නේ වසර ගණනාවකින් නිළියකට දිනාගන්න පුළුවන් ඉහළම සම්මාන 2 වන ජනප්‍රියම නිළියට හිමි සම්මානය සහ හොඳම නිළියට හිමි සම්මානයත් යන ද්විත්වය ම එකවර දිනා ගත් අති දක්ෂ රංගන ශිල්පිනියක්.

මේ දවස් වල අතිශය ජනප්‍රිය වෙමින් විකාශය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය තුළත් අපට ඇයව දැක ගන්නට පුළුවන්. එහිදී බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි නිර්වාන් කියන චරිතයට පණ පොවන සචින් සමග ඇය ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඇති බව. නමුත් එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී නම් ඇය කියන්නේ ඔවුන් දෙදෙනා අතර එලෙස සම්බන්ධයක් නැති බවයි. ඉතිං කොහොම වුණත් පසුගිය දිනෙක දී ඇය ඇයගේ ෆේස්බුක් මාධ්‍ය ගිණුම ඔස්සේ අපූරු සටහනක් ශෙයා කරලා තිබුණා. ඉතින් ඒ සඳහා ඇයට බොහෝ රසික රසිකාවියන්ගේ ප්‍රතිචාරද ලැබී තිබුණා. ඉතින් ඇය පළ කරලා තිබුන මේ වගේ දෙයක්.

” සෑම කාන්තාවකටම අතීතයක් තිබේ සමහරු ශාරීරිකව තවකකු විසින් අයුතු ලෙස බාවිතා කර ඇත…. සමහරුන්ට දරුණු හෝ කෲර දෙමව්පියන් සිට ඇත…. සමහරුන්ට වැඩිවිය පැමිණීමේ ගැටළු තිබුණි…. සමහරුන්ට තම පවුලේ සාමාජිකයන්ගෙන් කුඩා කාලයේ සිටම ලිගික අතවර සිදු විය…. සමහරු ඔවුනගේ ආදර කතා අවුල් කරගන ඇත…. සමහරුන්ට ප්‍රේමයේ නාමයෙන් sx වෙත බල කෙරී ඇත…. සමහරු මත්ව්‍යවලට ඇබ්බැහි වී සිටියහ… සමහර අය දින පුරාවට දූෂය වූ අයය…. සමහරුන් ඇඳක් මත නිරුතින් දරුණු ලෙස ඡායාරූප ගත වී ඇත…. සමහරු ඔවුන්ගේ හිටපු පෙම්වතා විසින් බ්ලැක්මේල් කර ඇත…… සමහරු සිටියේ අනිම් සම්බන්ධතාවයක ය….. සමහරුන්ට ඔසප් වීමේ ගැටළු තිබින. සමහරුන්ට බිඳුණු පවුලක් සිටියේය….. සමහරුන් දික්සාද විය…. සමහරුන්ට තරබාරුකම පිළිබඳ ගැටලුවක් ඇත……. සමහරුන්ට මූල්‍ය නියඟයක් ඇත සමහරුන්ට මද්‍රව්‍ය හෝ මපැන් වලට ඇබ්බැහි විය සමහරු සියදිවි නසාගැනීමට තැත් කලහ මේ කිසිවකට නොනැවතී ගොස්, කඳුළු පිස දමා, දිව්‍ය සිනහවකින් ඇගේ ශෝකය වසාගන, ස්තිරව, ශක්තිමත්ව සිටගෙන, ඇගේ අනාගතය දෙසට ඇවිදීමට පටන් ගත් කාන්තාවක් ඔබ දුටුවහොත් සිතන්න ඇයට තවමත් ජීවත්වීමට බලාපොරොත්තුවක් ඉතිරිව ඇත ඇය සහ මේ ලෝකයේ තවමත් පවතින ආදරය පිළිබඳ සංකල්පය අතහැර දමා නැත ඇගේ අතීතයට පිහියෙන් ඇන නොගන්න ඇයට මුහුණ දෙන්න එපා යයි නොකියන්න ඇයට තවත් අතවර නොකරන්න ඇගේ දෑත් අල්ලාගෙන ටික වේලාවක් ඇවිදින්න ඇගේ ඇස් දිහා බලාගෙන මදක් සිටින්න ඇය ඇයව ඉදිරියට රැගෙන යන ආකාරය ගැන ඔබ පුදුමයට පත් වනු ඇත ” ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.