Celebrity Gossip

ඔයා නිසා නැති වුන අයගේ සාපෙ වැදිල තියෙන්නෙ හෑලි ලියලා දාන්නෙපා ශලනිට රසිකයෙක්ගෙන් සැර පිළිතුරක්

ශලනි තාරකාගේ කියල කියන්නේ මේ දවස් වල බොහෝ දෙනෙක් අතර කතා බහට ලක්වන චරිතයක්. ඇය විවාහ වීමට සිටින පුද්ගලයා කවුදැයි යන්න පිළිබඳව ඇයගේ සමීපතම එක්තරා රූපලාවන්‍ය ශිල්පියෙකුගෙන් ලැබුණු තොරතුරක් නිසා බොහෝ දෙනෙක් ඈ ගැන මේ දවස් වල කතා වෙනවා. කොහොම නමුත් පසුගිය දිනක දී ශලනි තාරකා සිය මුහුණු පොත තුළ තැබූ එක්තරා සටහනක් නිසා කාගේත් අවධානය ඇය වෙත යොමු වූවා. ඉතින් එම සටහනට බොහෝ දෙනෙක්ගේ විවිධාකාර ප්‍රතිචාර ලැබී තිබූ අතර බොහෝ දෝෂාරෝපණත් ඇයට එල්ල වී තිබුණා. ඉතිං ඇය තබා තිබුණේ මෙවැන්නක් සහ එයට ලැබුනු එක්තරා සැර කමෙන්ට් එකක් සමඟ ශලනි ද සැර ප්‍රතිචාරයක් දක්වලා තිබුණා. එය පහතින් දැක්වෙනවා.

” ජීවිතේ අපිට එක එක ජාතියේ පුද්ගලයින් හමුවෙනවා. සමහරු අපිට ආදරේ පෙරවදන කියල දීලා යනවා. සමහරු අනාගතය ශක්තිමත් කරලා යනවා. සමහරු වේදනාවක් එක්ක ජීවිතයම අදුරු කරලා යනවා. සමහරු ඔයාගෙන්ම බැබලිලා ඔයාව හෑල්ලු කරලා යනවා. තවත් සමහරු ඔයාව කූඩුවක දාගෙන නීතිපොතක් අස්සේ ඇති කරනවා.

හැබැයි ඔයා ඉවසලා හිටියොත් දවසක් එනවා ඔයාට ඔයා වෙන්න පුලුවන් ඔයාට හදවතින්ම ආදරය කරන මුලු ලෝකයම ඔයා කර ගත්ත කෙනෙක් හමුවෙන, එතැන හරිම සුන්දරයි. මොන ප්‍රශ්නය ආවත් ඔයාව දාලා යන්නැති හැමදේකදිම ඔයාට හයියක් වෙන, ටොක්සික් රිලේෂන්ශිප් එක්ක හෙම්බත් වුන ඔයාට ඇස්දෙක පියාගෙන සැනසෙන්න පුලුවන් තැනක්. කොච්චර දුරට තල්ලුකරත් ඔයාටම ඇදිලා එන කෙනෙක් . ඔයා වාසනාවන්තයි දැනටමත් ඒ කෙනා ඔයාට හම්බ වෙලානම් , පලමු ආදරේම ඒ කෙනා වුනානම්. හැබැයි ගොඩාක් පරක්කු වෙලා හරි දවසක එයා ඔයාට මුන ගැහෙනවා. එදාට ඒ ආදරේ පරිස්සම් කරගන්න. සමහරවිට එයත් ඔයා වගේම ආදරේ හොයලා හෙම්බත්වුන කෙනෙක් වෙන්න පුලුවන්. එහෙම නැත්තන් ඔයාගේ මුලු ලෝකෙම ලස්සන කරන්න එයා ආවා වෙන්න පුලුවන්.

අන්න ඒ ඇස් දිහා බලලා ඒ අත්දෙක හයියෙන් අල්ලගන්න එදාට දැනෙයි මේ ජීවිතේ කොච්චර ලස්සනයිද කියලා ” ශලනි තාරකා ” ඉතින් මෙයට රසිකාවියක් මෙලෙස කමෙන්ට් එකක් දී තිබුණා. ” ඔයාට තවම හම්බෙලා නැති නිසා හෑලි ලියල දාන්ඩ එපා. ඔයා තරුන කාලේ ප්‍රසිද්ධිය පස්සේ දුවන්නැතිව කෙනෙක් හොයන්නත් උනන්දු උනානම් හරි කෙනා හම්බෙන්න තිබුන .දැන් කාලෙන් කාලෙට ප්‍රේමවන්තයො මාරු කරන්නෙ හරි කෙනෙක් හොයාගන්ඩ බැරි නිසානෙ. ඔයා නිසා දිවිනගත්ත අයගෙ සාප වැදිල ” ශලනි එයට ටිකක් සැර පිළිතුරු සටහනක් තබා තිබුනේ මෙලෙසින්.

” හරිම පව්. කාලෙන් කාලෙට මාරු කරන්න තරම් අහේනියක් මට නැහැ. ලග ඉන්න හැමෝම පෙම්වතුන් නෙමේ. ඒක ඔයාගේ මනසේ දුර්වලතාවයක් . මට හම්බ වුනාද නැද්ද කියලත් ඔයා හරියටම දන්නැති නිසා පොඩ්ඩක් කටවහන් පැත්තකට වෙලා හිට්යොත් නරකද ? කාගෙවත් සාප වැදුනනම් අද මං මෙතනයි ඔයා ඔතනයි ඉන්නෑ “

ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම ඉදිරි අනාගත වැඩ කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා.