Celebrity Gossip

දුවටත් වඩා ආදරේ කරන ලව් එක ගැන සේමිනී කියූ කතාව – සේමිණි ඉද්දමල්ගොඩ

සේමිණි ඉද්දමල්ගොඩ කියලා කියන්නේ ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ නැතිවම බැරි චරිතයක්.ඒ තරමටම ඇගේ සුවිශේෂී වූ තාත්වික රංගනය නිසා ම බොහෝ සිනමා නිර්මාණවල මෙන්ම ටෙලි නාට්‍ය නිර්මාණ තුළද ඇයගේ රංගන හැකියාව අපට දැකබලා ගන්නට පුළුවන්.වෙනස් ආකාරයේ විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙන මේ ආදරණීය රංගන ශිල්පිනිය මේ වෙද්දි විශාල රසික රසිකාවියන් පිරිසකගේ ආදරය සහ ආකර්ෂණය දිනා ගෙන සිටිනවා.

ඇය කෙතරම් වයසින් මුහුකුරා ගිය ද එදා මෙන්ම අදටත් ඇගේ සුන්දරත්වය නම් අඩුවක් වෙලා නෑ.ඇයට ආදරණීය සුන්දර දියණියක් හිටියත් ඇගේ දියණිය රංගන ක්ෂේත්‍රය හා සම්බන්ධ වනවාට ඇයගේ වැඩි කැමැත්තක් නැති බව තමයි ඇය පවසා සිටියේ.

2017 වසරේදී හොඳම නිළියට හිමි ජනාධිපති සම්මානය පවා දිනා ගැනීමට හැකි වූ මේ සොඳුරු කලාකාරිනිය පුංචි තිරයේ නොමැකෙන චරිත සනිටුහන් කරමින් සිය රංගන ජීවිකාව මනා ලෙස හොබවනවා.සිරස නාළිකාව ඔස්සේ විකාශය වූ yes boss නම් විනෝදකාමී ටෙලි නාට්‍යයේ “රෝෂිණී” කියන චරිතය අදටත් රසිකයාගේ හදවතේ තැන්පත් ඔහු එක්තරා ආදරණීය චරිතයක්. ඉතින් මේ වන විට විවාහ වී සිටින මේ ආදරණිය කලාකාරිනිය මේ වන විට වගකීම් සහගත මවක් වශයෙන් සිය පවුල් ජීවිතය සාර්ථක ලෙස ආදර්ශමත්ව පවත්වාගෙන යනවා.

සේමිණී කියලා කියන්නේ වෘත්තියෙන් රංගන ශිල්පිනියක් නෙවෙයි. ඇයටම කියලා වෙන්වුණු ව්‍යාපාරයක් මේ වෙද්දි තියෙනවා.මේ වෙද්දී ඇයට ආදරණීය බලු යාලුවෙක් ඉන්නවා. ඒ පිළිබඳව සේමිණී අදහස් දැක්වුවේ “එයා තමයි මගේ ලව් එක අම්මෝ කෙල්ලට වැඩිය මම බල්ලට ආදරෙයි අනේ එයා මාර හුරතල්”. යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා