Celebrity Gossip

අද නළු නිළියෝ කියලා කියන්නේ මොඩ්ලින් කරපු අයටයි ගුවන් සේවිකාවන්ටයි – සේනක විජේසිංහ

සේනක විජේසිංහ කියලා කියන්නේ වයස් භේදයකින් තොරව බාල මහලු වැඩිහිටි සියලුම වයස් සීමාවල සිටින රසිකයන්ගේ ආදරය නොඅඩුව දිනාගත් ආදරණීය කලාකරුවෙක්.ඔහු රංගන ශිල්පියෙක් පමණක් නොව චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ද වනවා.එකල පුංචි තිරයේ හැමෝගෙම ආදරය දිනාගත් පෙම්වතා වූ ඔහු මෑත කාලයේ නිර්මාණවලදී අපට වැඩිය දකින්නට ලැබෙන්නේ නෑ.ඉතිං ඒ පිළිබඳව ඔහුගෙන් විමසූ විට ඔහු දුන්නේ මෙවන් පිළිතුරක්.

“මම රංගනයෙන් ඈත්වීමට ප්‍රධානම හේතුව තමයි මුල ඉඳන්ම මම මෙගා නාට්‍ය ප්‍රතික්ෂේප කරපු එක.මම කලාවෙන් ඉවත් වෙන්නේ 2007 වර්ෂයේ ඉදලා.ඊට පස්සේ ටික කාලයක් මම දේශපාලනට අවතීර්ණ වෙලා සිටියා.ඉන්පසු අරාබි අබුඩාබි තානාපති කාර්යාලයේ මට රැකියාවක් හමුවීමත් සමඟ 2017 වර්ෂයේදී නැවත ලංකාවට ආවා.මේ වසංගතය නිසා මට නිර්මාණ වලට දායක වන්නට බැරි වුණා.නමුත් මගෙම කියලා චිත්‍රපටි තුනක් මට අධ්‍යක්ෂණය කරන්න පුළුවන් වුනා.නමුත් ඒවා ප්‍රදර්ශනය කරන්න තාම අවස්ථාවක් ලැබුණේ නෑ මේ වසංගතය නිසා.

ලංකාවට පැමිණීමත් සමග මම මුලින්ම අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටිය තමයි මේඝ කියලා කියන්නේ.ඉතිං මේ චිත්‍රපටය ගැන මට එක්තරා විදිහක නරක අත්දැකීමක් තියෙනවා.මම මුලින්ම එකට තෝර ගත්තු නළු නිළියන් නෙවෙයි අන්තිමේදී ඒකේ රඟපාන්නේ.මම මේක ප්‍රසිද්ධියේම කියන්න කැමතියි.මම මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරගත්තු නිළිය අන්තිමේදී මට පොල්ල තිබ්බා.මන් දන්නෑ මොන හේතුවක් නිසා එයා එහෙම කළා ද කියලා.අපි කාගෙවත් කෝල් වත් එයා ආන්සර් කලේ නැහැ.කෙටි පණිවිඩයක් තියලා තිබුණා “අයියෙ මට මේක බාර ගන්න වෙන්නේ නෑ.එන්න වෙන්නැති හේතුව මට කියන්නත් ලැජ්ජයි “කියලා.

ඉතින් මම ඇයගෙන් කීප සැරයක්ම ඇහුවා එච්චරම කියන්න ලැජ්ජ කරුණ මොකක්ද කියලා.මොකද මම කවදාවත් ක්ෂේත්රයේ කෙනෙක්ව අපහසුතාවයට වත් ලැජ්ජාවට වත් පත්වෙන දෙයක් කරලා නැහැ.ඒක මේ ක්ෂේත්‍රයේ ඉන්න අනිත් අය දන්නවා.ඉතින් අන්තිමේදි මම ඒ චරිතය සඳහා සචිනි අයේන්ද්‍රව තෝරා ගත්තා.මට චිත්‍රපටය අවසානයේදී තමයි හිතුණේ තාරුකා එකෙන් අයින් වුණ එකමයි හොඳ කියලා.මොකද සචිනි ඒ තරමටම ඒ චරිතය සඳහා සාධාරණයක් ඉටු කළා.

ජනප්‍රියත්වය කියන දේ රැඳෙන්න ඕන ජනයාගේ හදවතේ.මම දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරුතුඩුවට ගියත් මිනිස්සු මාව අඳුරනවා.ඒ අඳුරන්නෙත් සේනක කියන නමින්.නමුත් අද ගොඩක් නළු නිළියෝ මිනිස්සු අඳුනන්නේ ඔවුන්ගේ චරිතය නමින්.මන් දන්නෑ ලංකාවේ රංගනය මේ තත්ත්වයට වැටිල තියෙන්නෙ ඇයි කියලා.අද නළු නිළියො කිවුවහම අපි දකින්නට පුළුවන් වෙන්නේ මොඩ්ලින් කරපු අය එහෙමත් නැත්තං ගුවන් සේවිකාවන්.ඉතින් ඔවුන්ට චරිතයක් සඳහා ආරාධනා කරපු ගමන් මුලින්ම හොයන්නේ තිර පිටපත පිළිබඳව නොවේ ඔවුන් මුලින්ම හොයන්නේ ඔවුන්ගේ මේකප් artist කවුද කියලා.ඉතින් සමහර වෙලාවට කලාව පිළිබඳව මට තියෙන්නෙ එක්තරා විදිහක කලකිරීමක්.” යනුවෙන් තමයි අවසාන වශයෙන් ඔහු පවසා සිටියේ.

සේනක විජේසිංහ කියලා කියන්නේ ලංකාවේ කලා ක්ෂේත්‍රයට මහගු සේවාවක් සිදු කළ ආදරනිය කලාකරුවෙක්.ඉතින් ඔහුගේ සියලුම කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම නව නිර්මාණ රැසක් රසිකයාට දායාද කිරීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා.