Celebrity Gossip

පහුගිය දවසක උමාලි එක්ක මායි දිනක්ෂියි කතා කරලා ආවේ අපිට දැන් ප්‍රශ්නයක් නෑ – සාරංග දිසාසේකර

සාරංග දිසාසේකර කිව්වම කව්ද නොදන්නෙ. තරුණියන්ගේ සිත් ගත් කඩවසම් රංගන ශිල්පියෙකු වන සාරංගට ඉතාම හොඳින් ගීත ගායන හැකියාවත් පිහිටලා තියෙනවා. ඉතින් ඔබ අප කවුරුත් දන්නවා සාරංග දිසාසේකරගේ පියා වන්නේ ආදරණීය ගායන ශිල්පියෙක් වන නාරද දිසාසේකරයන්. ඔහුගේ මවත් ගුවන් විදුලි ක්ෂේත්‍රය තුළ මහඟු මෙහෙවරක් සිදුකරනු ලබනවා. ඉතින් පසුගිය කාල වකවානුවල සාරංග පිළිබඳව බොහෝ දෙනාගේ අවධානයට යොමු වුණා.

ඊට හේතුව තමයි ඔහුගේ විවාහය. මොකද ඔහු දිනක්ෂි සමඟ විවාහ වන්නේ දෙවැනි වතාවට. ඔහු පළමු වරට විවාහ වන්නේ කවුරුත් හඳුනන දක්ෂ රංගන ශිල්පිනියකවන උමාලී තිලකරත්න සමගයි. ඉතින් ඔවුන් අතර ඇතිවූ යම් යම් නොගැළපීම් තත්ත්වයන් හේතුවෙන් එම විවාහය කෙලවර කරන්නට ඔවුන්ට සිදු වෙනවා. එය රසිකයන් බොහෝ දෙනාගේ සිත් තැවුලට කාරණාවක් වුණත් ඔවුන්ට හිමි ජීවිතය තුළ ඔවුන් ගත් තීරණය ඒ නිසා එයට කළ හැකි කිසිවක් නැහැ.

ඉතින් මේ වන විටත් උමාලි විවාහ නොවී තනිකඩ ජීවිතයක් ගත කලත් සාරංග දිසාසේකර ඩිනක්ෂි ප්‍රියසාද් සමඟ විවාහ වී ඔවුන් දෙපළට සුරතල් දියණියක් ද සිටිනවා. නමුත් තවමත් බොහෝ රසික රසිකාවියන් ඔහුගේ මෙම විවාහය පිළිබඳ බොහෝ කතන්දර කියනවා. ඉතින් එයට පසුගිය දිනක සාරංග එක්තරා යූටියුබ් මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වී හරි අපූරු කතාවක් කියනවා. ඒ තමයි

“සමහර අය මගේ ඉස්සර ජීවිතේ තාමත් එල්ලිලා ඉන්නවා. දැන් මමත් අයින් වෙලා උමාලිත් අයින් වෙලා. ඊයේ පෙරේදා මම උමාලිගේ අත්තම්මා නැතිවෙලා මායි දිනක්ෂි යි දෙන්නම ඒ funeral එකට ගියා. ඒ ෆැමිලි එකේ කට්ටියට කතා කරලා උමාලිත් එක්ක කතා කරලා ආවා. ඉතිං අපිට දැන් ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මේ වෙන්වීම තාමත් දරාගන්න බැරි පුද්ගලයෝ තමයි අපිට මේ විදියට දෝෂාරෝපණය එල්ල කරන්නේ. මම කියන්නේ තව කෙනෙක්ගෙ පරණ ජීවිතවල එල්ලිලා ඉන් නැතුව අලුතෙන් ජීවිතය දිහා බලන්න කියලා. ‘

මේ විදිහට තමයි එහිදී ඔහු අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඔවුන්ගේ ජීවිත ඔවුන් සිතන පතන අයුරින් ම සාර්ථක වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.