Celebrity Gossip

සාරංගගේත් දිනක්ෂිගේත් දුවගේ මුහුණ පෙන්වන දවස මුල් වරට මාධ්‍යට හෙළි කරයි

සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාත් කියලා කියන්නේ මේ දවස් වල සමාජ මාධ්‍ය තුළ තුල ජනප්‍රියම චරිතයක් දෙකක්. මේ දෙපළගේ විවාහය නිසා කොයි කවුරුත් අතර කතාබහට ලක් වුනු ඔවුන් ඉතාමත් විනෝදකාමී ව සහ සැහැල්ලුවෙන් තමයි සිය ජීවිතය ගත කරන්නෙ. කලා ලොව තුල සිටින දක්ෂ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් වන සාරංග පළමු වරට විවාහ වන්නේ අපි කවුරුත් හඳුනන දක්ෂ රංගන ශිල්පිනියක් වන උමාලි තිලකරත්න සමගයි. නමුත් ඔවුන් දෙදෙනා අතර ඇතිවූ යම් යම් නොගැළපීම් නිසාවෙන් එම විවාහයට සමු දීමට ඔවුන් දෙදෙනා තීරණය කරනවා.

ඉතිං සාරංග කියලා කියන්නේ මේ වන විට ආදරණීය දියණියක ගේ පියෙක්. ඉතින් දිනක්ෂි කියන විදිහට සාරංග කියන්නේ වගකීම් සහගත හොඳ තාත්ත කෙනෙක් ලු. ඒ වගේම ඔහු ටිකක් කාර්යබහුල වුණත් දියණිය සමඟ සිටීමට දවස ඇතුලත වෙලාවක් වෙන්කර ගන්නවා ලු. ඉතිං දරුවාට ඉටු කළ යුතු වගකීම් සියල්ලම ඔහු සියයට සියයක්ම නොපිරිහෙලා ඉටුකරන බවත් ඇයගෙන් මගහැරෙන දේවල් පවා ඔහු සොයා බලා ඉටු කරනවා ලු. ඉතින් දරුවන්ට ගොඩක් ආදරේ තාත්තා කෙනෙක් නිසා දිනක්ෂිට ඒක ලොකු පහසුවක්ලු. ඉතිං දිනක්ෂි සහ සාරංගට බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි ඔවුන්ගේ දියණියගේ මුහුණ පෙන්නන්නෙ නැහැ කියලා. ඉතින් ඒ ගැන එක් මාධ්‍යවේදියෙක් විමසූ විට ඇය දුන්නේ මෙවන් පිළිතුරක්.

” අනේ එහෙම දෙයක් නැහැ. පසුගිය කාලය පුරාවටම සමාජ මාධ්‍යජාලා ඇතුළු බොහෝ තැන්වලදි මට ලැබුණු නරක කමෙන්ට්ස් නිසා ඇත්තටම මට දුවගේ ඡායාරූපයක් කලින්ම, එකවර සමාජ මාධ්‍යයට දාන්න සිතුණේ නැහැ. ඇත්තටම මම කලින් නම් දුවගේ ෆොටෝ එකක් දාන්න සිතාගෙනයි සිටියේ. නමුත් කාර්යබහුලත්වය මත එය මඟ හැරුණා. ගොඩක් අය සිතනවා දරුවට ඇස්වහ වදින නිසා ඡායාරුවක් දාන්නේ නැහැ කියලා. ඇත්තටම ඇස්වහ-කටවහ කියන දේවල් අපි කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. මොකද කිසිවක් සඟවන්නේ නැතිව අපි අපේ මුළු ජීවිතයේම වැඩකටයුතු සමාජ මාධ්‍යය හරහා රසිකයන් සමඟ බෙදාහදා ගන්නවා. එනිසා අපි සාමාන්‍ය ජීවිතයේදී ජීවත්වන ආකාරය හැමෝම වගේ දකිනවා සහ දන්නවා. දුවගේ පළමුවැනි උපන්දිනයේදී දුවගේ ඡායාරුවක් දාන්න සිතාගෙන ඉන්නවා. “

ඉතින් මේ විදියට අදහස් දක්වන ඔවුන්ගේ පවුල් ජීවිතේ හැමදාම සාර්ථක අයුරින් ගත කරන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.