Celebrity Gossip

අදටත් මම අම්ම නැති වුණ අවුරුද්දෙ ඉදන් පිලිකා රෝහලේ ළමා වාට්ටුවට කිරි පැකට් බෙදනවා – සංජානා ගමාරච්චි

සංජානා ගමාරච්චි කියලා කියන්නෙ මේ දවස්වල වැඩිපුරම කතා බහට ලක්වෙන චරිතයක්. එක්තරා රූපවාහිනී වැඩසටහනක දී ඇය පැවසූ එක්තරා කතාවක් නිසා ඇයට ගොඩක් දෙනෙක් අදටත් අමතන්නේ BMW කෙල්ල කියායි. නමුත් ඒ පිළිබඳව ඇය ඉන් පසුව එක්තරා මාධ්‍ය වැඩසටහනක දී කරුණු පැහැදිලි කළ අතර ඉන් පසුව ඇයට ප්‍රේක්ෂක ප්‍රේක්ෂකයන්ගෙන් ඊට වෙනස් වූ පිළිතුරු ප්‍රතිචාරයක් ලැබුණා. ඉතින් කවුරුත් දන්න කාරණාව තමයි ඇය පසුගිය දිනකදී කෝටිපති ව්‍යාපාරිකයකු සමඟ විවාහ වුණා. ඇයට ඔහුගෙන් විවාහ යෝජනාව ලැබෙන්නේත් අපූරු විදිහට විදෙස්ගතව සිටියදීයි. ඒ වගේම තමයි ඇයගේ විවාහය ලියාපදිංචි කිරීම සඳහා ගත් උත්සවයක් හරිම වෙනස් ආකාරයෙන් තමයි ඇය අරගෙන තිබුණේ. යහලු මිත්‍රාදීන්ට පමණක් ආරාධනා කොට වෙනස්ම අත්දැකීමක් සහිත විවාහ ලියාපදිංචි කිරීමක් තමයි ඔවුන් දෙපළ සිදු කරලා තිබුණේ.

ඉතින් ඇයගේ ජීවිතය මේ අයුරින් සතුටින් විනෝදකාමීව ගෙවුනත් ඉතාමත් ඛේදජනක අතීතයක් ඇයටත් තිබෙනවා. ඒ ඇයගේ මවගේ වියෝව. ඇයගේ මව සහ පියා යන දෙපළ ම වෘත්තීමය වශයෙන් ගුවන් හමුදාවේ සේවය කළ අතර ඔවුන් දෙදෙනා ඉතාමත් ආරක්ෂාකාරීව ආදරයෙන් තමයි ඇයව හදාවඩාගෙන තියෙන්නේ. ඒ නිසාම ඇයව ක්ලාස් එකකටවත් යැව්වෙ නැති බවත් විෂයන් වලට අදාල ගුරුවරුන් ගෙදරටම ගෙන්නලා උගන්නපු බවත් ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී සඳහන් කරනවා. ඇයගේ මව ඇයගෙන් සදහටම සමුගන්නෙ පිලිකාවකට ගොදුරු වීම නිසායි. ඉතින් ඇයගේ එම ඛේදජනක අත්දැකීම පිළිබඳව එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පවසා සිටින්නේ මේ විදිහට.

” අපේ අම්මා නැති වෙන්නේ පිලිකාවක් හැදිලා. මහරගම පිලිකා රෝහලෙන් හැම සතියකම ඉන්ජෙක්ෂන් එකක් ගන්න තිබුණා. ඉතින් හැමදාම ඒක රෝහලේ නෑ. නැති වුනාම අපි ඒක ෆාමසියෙන් අරන් විදින්න ඕන. අපි ගොඩක් මහන්සි වුණා අම්මව බේරගන්න. ඉතින් අදටත් මම අම්ම නැති වුණ අවුරුද්දෙ ඉදන් මහරගම පිලිකා රෝහලේ ළමා වාට්ටුවට කිරි පැකට් බෙදනවා. ඒ මට පුලුවන් හැටියට. හැම උපන්දිනේකටම මම ඒ දේ කරනවා. මම කැමතියි මට පුලුවන් වුණ කාලෙක මුලු රෝහලටම කිරි පැකට් බෙදන්න. මම කියන්නේ සල්ලි නැතුව ලුණුයි බතුයි කාල ඉමු කියලා පටන් ගන්න රිලේෂන්ශිප් සාර්ථක වෙන්නේ නෑ. මම කියන හැමදේම ගොඩක් කට්ටිය තේරුම් ගන්නේ වැරදියට. “

ඉතින් ඇයගේ ආදරණීය මවට අජරාමර නිවන් සුවයම අත්වේවා කියල ප්‍රාර්ථනා කරන අතරම සංජානාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.