Celebrity Gossip

දෙවෙනි වතාවට විවාහ වුණොත් විවාහ වෙන්නේ මාව හොඳින් තේරුම් ගත්ත කෙනෙක්ව – සංගීත් සතරසිංහ

සංගීත් සතරසිංහ කියලා කියන්නේ යොවුන් පරපුරේ සිටින දක්ෂ සහ ජනප්‍රිය රංගන ශිල්පියෙක්.ඔහුගේ දෙමාපියන් දෙදෙනා ද රංගන ක්ෂේත්‍රය තුළ මහඟු මෙහෙවරක් සිදු කරන අතරම ඔවුන්ගේ ආභාෂය නිසාම සංගීත්ට ද තාත්වික රංගන හැකියාවක් පිහිටලා තියෙනවා.ඔහුගේ පියා වන සුරන් සතරසිංහ බොහෝ විනෝදකාමී ජවනිකා ඇසුරෙන් රසිකයන් ගේ නොමද ආකර්ශනයට නතු ව තිබෙනවා.ඒ වගේම තමයි සංගීත්ගේ මව ද ඔහුගේ පියා මෙන් විනෝදකාමී ජවනිකා තුළ රංගනයෙන් දායක වනවා.මේ දිනවල දී ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන පාරදිගෙ ටෙලි නාට්‍යයේ ඩේමියන්ගේ චරිතය ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට එන සංගීත් නිරන්තරයෙන්ම සමාජය තුළ කතා බහට ලක්වන චරිතයක්.

සංගීත් සතරසිංහ විවාහ වන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක් වන උදාරි කෞශල්‍යයා සමඟයි.ඔවුන් දෙදෙනා සතුටින් විවාහ ජීවිතය ගත කළත් ටික කාලයක් යන විට විවිධාකාර ගැටළු කාරී තත්වයන් හේතුවෙන් ඔවුන් දෙදෙනාට වෙන් වීමට සිදු වුණා.මේ වන විට ඔවුන් දෙදෙනාම තනිකඩ ජීවිතයක් ගත කරන මුත් රංගන කටයුතුවල නියැළී සිටිනවා.ඉතින් පසුගිය දිනක දී ඔහු එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී ඔහුගේ ආදරය සහ ජීවිතය පිළිබඳව පැවසූයේ මේ වගේ දෙයක්.

“මේ දවස් වල නම් පාරදිගේ ටෙලි නාට්‍යයේ ඩේමියන්ගේ චරිතය සඳහා රංගන දායකත්වය දක්වනවා.ඩේමියන්ට හොඳ ප්‍රතිචාර රසිකයන්ගෙන් ලැබෙනවා.ඉතින් රංගන කටයුතුවලට අමතරව මගේ අම්මත් එක්ක එකතු වෙලා රස වෑහෙන කෑම බීම හදන youtube channel එකක් කරනවා.එහෙම තමයි ඉතින් දවස් ගෙවෙන්නේ.

ආදරය කියලා කියන්නේ දෙදෙනාම හොඳින් තේරුම් ගැනීමයි.මම කවදහරි දෙවෙනි වතාවට විවාහ වුණොත් විවාහ වෙන්නේ මාව හොඳින් තේරුම් ගත්ත සහ අවබෝධ කරගත්තු කෙනෙක් එක්ක.ඒ වගේම තමයි සල්ලි පස්සෙම දුවන්නේ නැති නිදහසේ ඉන්න පුළුවන් කෙනෙක්ව තමයි මම බිරිද කරගන්නේ.”

යනුවෙන් තමයි ඔහු පවසා සිටියේ.ඉතින් ඔහුගේ එම සියලුම බලාපොරොත්තු ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.