Celebrity Gossip

ඇයට ඕනෙ වුනේ ඇය ළඟින්ම සිටින සැමියෙක් ඒත් මට ඕන වුනේ සිනමාව. ඒක සුහද වෙන්වීමක් – සනත් ගුණතිලක

සනත් ගුණතිලක කියලා කියන්නේ සිනමා ලොව තුල සිටින දැවැන්ත රංගන පෞරුෂයක්. හෙළ සිනමාව තුළ අති විශාල රංගන කර්තව්‍යයක් සිදු කළ ඔහු බොහෝ රසික රසිකාවියන්ගේ ගෞරවය මුසු ආදරය දිනා ගනු ලබන්නේ ඔහුගේ ඇති තාත්ත්වික රංගනයත් කඩවසම් පෙනුමත් නිසාමයි. කොතරම් වයසට ගියත් ඔහු අදටත් ඉතාම ආදරණීය ලෙස සිය රංගන කටයුතු සිදුකරනු ලබනවා. සිටු කුමරියෝ චිත්‍රපටයේ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිට සිනමාවට අවතීර්ණ වූ ඔහු ඉන්පසුව ගඟ අද්දර සිනමාපටය ඔස්සේ කාගේත් අවධානයට සහ ආකර්ෂණයට නතු වීමට සමත් වුණා.

ඔහු රංගනයෙන් දායක වූ ආරාධනා ,සත් වෙනි දවස , දෙවෙනි ගමන , මිහිදුම් සළු , මල් වරුසා , ප්‍රාර්ථනා , රන් දම්වැල් ආදී බොහෝ සිනමාපටයන් අදටත් රසික රසිකාවියන් රස විඳින්නේ මහත් වූ ආසාවෙන්. ඉතින් පසුගිය දිනක දී ඔහු එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව තොරතුරු පවසා සිටියා. ඉතින් ඔබ අප කවුරුත් දන්නවා ඔහු විවාහ වීමට සිටියේ අනුෂ්කා මැදිවක සමඟයි. ඉතින් ඔහුගේ ඒ සොදුරු ආදර කතාව පිළිබඳව කියා සිටියේ මේ වගේ දෙයක්.

” මම අනුෂ්කා මැදිවකට මම ආලය කළේ ඈ ජනාධිපතිවරයකුගේ මිනිබිරියක වූ නිසා නම් නෙවෙයි. අනුෂ්කා බුද්ධිමත් ලස්සන තරුණියක්. අපි එක්ව රඟපෑවා. ඒ සුහද බව හරහා අපි දෙදෙනා පෙම්වතුන් වුණා. ඒ ප්‍රේම සම්බන්ධයට අපේ පවුල්වලින්ද කැමැත්ත සහ ආශිර්වාදය ලැබුණා. හැබැයි අනුෂ්කාගේ අම්මා මට සුහද කොන්දේසියක් පැනවූවා. විවාහයෙන් පස්සේ රඟපෑමෙන් අයින් වෙන්න කියලා. ගඟ අද්දරට සුමිත්‍රා පීරිස් මහත්මියගේ ආරාධනාව ලැබුණේ ඒ අතර. අනුෂ්කා සමග විවාහය ද සිනමාව ද කියන දෙලොව තුළ මා අතරමංව සිටියා. අවසානයේ මම ගඟ අද්දර සහ සිනමාව තෝරා ගත්තා.

මේ තීරණය ගැන කිසිදු පසුතැවීමක් නැහැ. මම තෝරගත් මාර්ගය තුළ මා වගේම, අනුෂ්කා තෝරා ගත් මාර්ගය තුළ ඇයද ඉතා සතුටුදායක සාර්ථකත්වයක කල් ගෙවනවා. මට වුවමනා වූයේ ප්‍රවීණ සිනමාකරුවන් සමග දිගු ගමනක් යෑමේ බලාපොරොත්තුවයි. අනුෂ්කාගේ සිහිනය වූයේ නිතර ඇගේ ළඟින් ඉන්න සැමියකු සමග ගෙවන සුන්දර පවුල් ජීවිතයක්. ඉතිං සුහද වෙන්වීමක් මත අපි අපට ඇවැසි ජීවිත කරා ගියා. “

ඉතින් මේ විදිහට අදහස් දක්වන මේ ප්‍රවීණ කලාකරුවාණන්ගේ සියලුම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.