Celebrity Gossip

අම්මි වගේ හැමදේම ඉවසන් ඉන්න මගේ පුතේ සමිතා තම පුතා ෂේන් වෙනුවෙන් සංවේදී වෙයි

සංගීත ක්ෂේත්‍රය තුළ සිටින අති දක්ෂ ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි සමිතා මුදුන්කොටුව මහත්මිය කියල කියන්නෙ. ගායන ජීවිතයේ දී වගේම සැබෑ ජීවිතයේ දීත් ඉතාම නිහතමානී කලා ශිල්පිනියක් වන ඇය ගායන ලොවට දායාද කර දුන් සියලුම ගීතයන් රසික රසිකාවියන් ඉතාමත් වුවමනාවෙන් සහ ඕනෑකමකින් තමයි රස විඳින්නේ. පහුගිය කාල වකවානුව තුළදී ඇය ගැන ගොඩක් දෙනෙක් කතා කරන්නට පටන් ගත්තේ ඇයගේ විවාහය නිසයි. ඇයට වඩා වයසින් ගොඩක් බාල තරුණයෙක් සමග දෙවන වරට විවාහ දිවියට එළඹෙන ඇය මේ වන විට ගත කරන්නේ ඉතාමත්ම සතුටුදායක විනෝදකාමී පවුල් ජීවිතයක්.

ඇය පළමු වරට විවාහ වන්නේ කවුරුත් ආදරය කරන ආදරණීය ගායන ශිල්පියෙක් වන අතුල අධිකාරි මහතා සමඟයි. ඔවුන් දෙපළට කාවින්දයා අධිකාරි සහ ෂේන් අධිකාරි නමින් ආදරණීය දරුවන් දෙදෙනෙක් ද සිටිනවා. ඉතින් ඉතාමත්ම සතුටින් ඔවුන් පවුල් ජීවිතය ගත කළත් ඔවුන් අතර ඇතිවූ යම් යම් නොගැළපීම් තත්ත්වයන් හේතුවෙන් එම විවාහයට සමු දීමට ඔවුන් දෙදෙනා තීරණය කරනවා. ඒ වගේම එය ඉතාම සාමකාමී සමුගැනීමක් වීම සුවිශේෂී කාරණාවක්. ඉතින් කොහොම නමුත් මේ වන විට දරුවන් දෙදෙනා සිටින්නේ සමිතා මුදුන්කොටුව සමඟයි. ඉතින් ඔවුන්ගේ පුතා වන ෂේන් අධිකාරිට බොහෝ දෙනා නොයෙක් ආකාරයේ කතන්දර කියන බව කවුරුත් දන්නා දෙයක්. නමුත් ඔහු ඒ කිසි දෙයක් ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ. ඉතින් ඒ ගැන සංවේදී වෙමින් සමිතා මුදුන්කොටුව මහත්මිය පසුගිය දිනකදී මෙවන් දෙයක් කියලා තිබුණා.

” අද වෙනකම් මගේ හිත කවදාවත් රිද්දලා නැහැ. මගේ පුතාට ඒ පිනම ඇති. මගේ පුතාට එක එක අය කොච්චර දේවල් කියලා රිද්දනවද. එයා ඒ දේවල් කොච්චර ඉවසනවද. අම්මි වගේ හැමදේම ඉවසන් ඉන්න මගේ පුතේ. මගේ පණට කවදාවත් වරදින්නේ නෑ. ගොඩක් අය මගේ පුතාට ආදරෙයි. ඔයාට සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. හැම ආත්මෙකම මගේ පුතා මගෙම වෙන්න ඕනි කියලා අම්මි ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි මගේ පන. “

ඉතින් මේ විදියට අදහස් දක්වන ඔවුන්ගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.