Celebrity Gossip

හඬයි රූපයයි දෙකම 100% තියෙන ගායිකාව සමිතා – අතුල අදිකාරි

අතුල අධිකාරි කියලා කියන්නේ සංගීත ක්ෂේත්‍රය තුළ සිටින අති දැවැන්ත හඬ පෞරුෂයක්. එදා මෙන්ම අදටත් නොනැසී පවතින සවන් පිනන මියුරු කටහඬකට උරුමකම් කියන ඔහු ඉතාමත්ම දක්ෂ වාදන ශිල්පියෙක් ද වනවා. තවමත් කඩවසම් තරුණ පෙනුමකට හිමිකම් කියන ඔහු පසුගිය දිනකදී කා අතරත් වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ සමිතා මුදුන්කොටුව මහත්මිය සමග ගායනා කරන ලද ආයෙමත් ආදරෙන් remake ගීතය නිසයි.

අතුල අදිකාරි පළමු වරට විවාහ වන්නේ අපි කවුරුත් දන්න ආදරේ කරන ප්‍රවීණ ගායන ශිල්පිනියක් වන සමිතා මුදුන්කොටුව මහත්මිය සමගයි. ඔවුන් දෙපළට කාවින්දයා අධිකාරි සහ ශේන් නමින් ආදරණීය දරුවන් දෙදෙනෙක් සිටින අතර ඔවුන්ගේ විවාහ ජීවිතය විවිධ ගැටලුකාරී හේතූන් මත බිඳ වැටුණා. ඉන්පසුව අතුල අදිකාරි අමායා අධිකාරි සමග විවාහ දිවියක් ගත කළ අතර ඔවුන්ටද පුංචි දියණියක් සිටිනවා. නමුත් මේ වන විට එම විවාහයට ද සමුදී අතුල තනිකඩ දිවියක් ගත කරනවා. සමිතා මුදුන්කොටුව මහත්මියත් තම ජීවිතයට අලුත් ආරම්භයක් සනිටුහන් කරමින් තරුණයකු සමඟ විවාහ දිවියට එළඹෙනවා. මේ වන විට ඔවුන් ඉතාම සතුටෙන් සිය ජීවිතය පවත්වාගෙන යන බව සමාජ මාධ්‍ය තුළින් අපට නිරන්තරවම දැක බලා ගන්නට පුලුවන් වෙනවා.

ඉතින් පසුගිය දිනකදී අතුල අදිකාරි එක්තරා රූපවාහිනි මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ අතර එහිදී නිවේදකයා හරි අපූරු පැනයක් ඔහු ගෙන් විමසනවා. ඒ තමයි හඬ සහ රූපය සියයට සියයක්ම තියෙනවා කියලා හිතෙන ගායිකාව කව්ද ලංකාවේ යනුවෙන්. එහිදී අතුල අදිකාරි හරි අපූරු උත්තරයක් දෙනවා. ඒ තමයි

‘මම දන්න නිසා කියනවා නෙවෙයි. සමිතගෙ තමයි. මේක ගොඩක් දෙනෙක් කියන දෙයක්. එදා තිබ්බ රූපය කටහඬ එදා ඉඳන් අද වෙනකම්ම තියෙන ගායිකාවක් මම දැකලා නෑ ඇත්තටම.’

මේ විදිහට තමයි ඉතාමත් ආදරණීය ලෙස ඔහු එම සාකච්ඡාවේදී පවසා තිබුණේ. ඉතිං කවුරුත් ආදරය කරන මේ ආදරණීය ගායන ශිල්පියාගේ සියලුම වැඩකටයුතු ඔහු සිතන පතන අයුරින් ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.