Celebrity Gossip

ඒ වෙලාවෙ බබාවද අම්මවද ඕනි කියලා ඇහුණම මට ඕනි වුණේ මගෙ බබාව විතරයි මට මාව වැඩක් නැතිවුණා එවෙලෙ – සමිතා මුදුන්කොටුව

සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය ගායන ශිල්පිනියක්. ඇයටම ආවේනික වූ අපූරු කටහඬ ඔස්සේ ගීත ගායනා කරන ඇය පහුගිය කාල වකවානුව තුළදී දෙරණ නාලිකාවේ විකාශය වු derana ඩ්රීම් ස්ටාර් ගායන රියැලිටි වේදිකාවේ විනිසුරුවරියක ලෙස අපට දැකබලා ගන්නට පුළුවන් වුණා. ඇයගේ අව්‍යාජ සිනහවත් නිහතමානී ගති පැවතුනුත් නිසා බොහෝ රසික රසිකාවියන් ඇයට ප්‍රිය කරනවා. පාවෙලා කෝඩු ආකාසේ , සඳ තරු මල් , හැම දෙයක් පෙනේ ආදී ගීතයන් සඳහා අදටත් රසික රසිකාවියන්ගෙන් ඇත්තේ මහත් වූ ඉල්ලුමක්. මේ වන විට ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ මවක් වන ඇය පසුගිය කාල වකවානුව තුළදී කාගේත් අවධානය දිනා ගත්තේ ඇයගේ නව විවාහය නිසා.

ඇයට වඩා වසර ගණනාවකින් ම බාල chirantha නමින් හඳුන්වන තරුණයෙක් සමඟ විවාහ දිවියට එළඹෙන ඇය මේ වන විට ඉතාමත්ම සතුටුදායක සැහැල්ලු විවාහ ජීවිතයක් ගත කරනවා. ඉතිං කවුරුත් දන්නවනේ ඇය පළමු වරට විවාහ වන්නේ කවුරුත් ආදරය කරන ආදරණීය ගායන ශිල්පියෙක් වන අතුල අදිකාරි සමඟයි. ඒත් ඉතින් ඔවුන් දෙදෙනා අතර තිබූ යම් යම් නොගැළපීම් තත්ත්වයන් නිසාම එම විවාහයට සමු දී ඔවුන්ගේ ම මාවත් වල යෑමට ඔවුන් තීරණය කරනවා. අදටත් ඔවුන් දෙපළ ඉතාමත්ම ළෙන්ගතුව හොඳම මිතුරන් මෙන් තමයි සිටින්නේ. ඉතිං සමිතා මුදුන්කොටුව එක් වූ එක්තරා මාධ්‍ය වැඩසටහනක් අතරතුර දී ඇයගේ දියණිය වන කාවින්ද්‍යා බිහි කරන අවස්ථාවේදී ලැබූ එක්තරා අත්දැකීමක් පිළිබඳව ඉතාම සංවේදීව පැවසුවේ මේ විදියට.

” මට normal හම්බෙනවා කියලා වෛද්‍යවරයා කිව්වේ. ඒ වුණාට පොඩි වෙලාවක් ගියාට පස්සෙ injection එකක් ගැහුවට පස්සෙ එයාව පොඩ්ඩක් ගැස්සිලා අමාරු වුණා. මට හුස්ම ගන්න අමාරු වුණා. මෙයාට ඉන්න බැරිකමක් ඇතිවුණා ඒ නිසා. ඒ වෙලාවේ doctor කලබල වෙලා emergency සිසේරියන් කියලා කිව්වා. අත්සන් ගන්න වුවමනයි කියනවාත් මට ඇහුණා. ඒ වෙලාවේ සිහිය තිබ්බා. හැමදේම මට ඇහුණා. ඊට පස්සෙ ඇහුණා, මේ වෙලාවේ බබාවද අම්මවද ඕනි කියලා ඇහුණා. ඒ වෙලාවේ ඉතින් මට ඇත්තටම ඕනි වුණේ මගේ බබාව. මොකද මට අම්මා කියන නම දුන්නෙ මගේ දුව. ඒ වෙලාවේ මට ඕනි වුණේ මගේ දුව. මට මාව වැඩක් නැතිවුණා ඒ වෙලාවේ. අදටත් එහෙමයි ඉතින්. “

ඉතින් මේ විදියට අදහස් දක්වන ඇගේ සියලුම සංගීත වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.