Celebrity Gossip

නොගැලපීම් නිසා වෙන් උනත් මගෙ ප්‍රේම සබදතා වලින් කාගෙවත් සිත් රිදවීම් වී නැහැ – සමනලී ෆොන්සේකා

සමනලී ෆොන්සේකා කියන්නේ රිදී තිරය අතික්‍රමණය කළ ආදරණීය රංගන ශිල්පිනියක් කිව්වොත් මා නිවැරදියි.ඇය රංගනයෙන් දායක වූ motor bicycle, ආකාස කුසුම් වැනි අද්විතීය නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක ආකර්ෂණය නිබදව දිනා ගැනීමට සමත් වුණා.මෝටර් බයිසිකල් චිත්‍රපටය තුල ඇය රඟපෑ භූමිකාව වෙනුවෙන් විශේෂ ජූරි සම්මානය කිහිපයක්ද දිනාගත් ඇය 2004 දී රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මාන ද තවත් අවස්ථා කිහිපයක දී හොඳම ජාතික නිළිය ලෙස ද සම්මාන දිනාගැනීමට සමත් වනවා.ඒ වගේම තමයි 2020 සුමති සම්මාන උළෙලේ වසරේ හොඳම ටෙලිනාට්‍ය නිළිය ලෙසින් සම්මානය ලබා ගැනීමටද ඇයට හැකියාව ලැබුණා.

සමනලී උපත ලබන්නේ 1981 නොවැම්බර් 23 වැනිදායි. සාන්ත පාවුළු බාලිකා පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගන්නා ඇය උසස් අධ්‍යාපනය සඳහා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුළත් වනවා.ඒ වගේම තමයි ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් B.A. උපාධියක් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ලලිත කලාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා තිබෙනවා.ඇය ජනප්‍රිය සම්මාන ලාභී නිලි මාලනී ෆොන්සේකාගේ සහෝදරයා වන ආනන්ද ෆොන්සේකාගේ දියණිය වන අතර උපතින්ම කලා පවුලක උරුමය ලැබීම නිසාම ඇයගේ තාත්වික රංගන හැකියාව තීව්‍ර ලෙස අපට දැකබලා ගන්නට පුළුවන්.

2010 වසරේ දී එක්තරා රංගන ශිල්පියෙක් සමග විවාහ වන සමනලී ෆොන්සේකාගේ එම විවාහ ජීවිතය අසාර්ථක වන අතර ඉන්පසු දෙවන වරට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වන ඉන්ද්‍රචාපා ලියනගේ සමග විවාහ දිවියට එළඹෙනවා.මේ වන විට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන ඇය ප්‍රේමය පිළිබඳව පවසා සිටියේ මෙවැනි දෙයක්.

” ප්‍රේමය වැරැද්දක් වෙන්නෙ හිත් රිදීම් වෙලා තරහා වෙලා ජීවිතයම වෛරක්කාරයන් වගේ වෙන් වුනොත්නෙ.නොගැලපීම් නිසා වෙන් වෙන්න වුණත් මගේ ප්‍රේම සම්බන්ධතා වලින් කාගෙවත් හිත් රිදවීම් වෙලා නෑ හොඳ අවබෝධයෙන් සිදුවුණු දේ නිසා අදටත් අපි හොඳ යාළුවෝ.” යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතිං ඇයගේ සියලු ම කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.