Celebrity Gossip

මං විවෘතව කතා කරන නිසා වෙන්න ඇති විහඟ මට කැමති – සංජානා ගමාරච්ච

සංජානා ගමාරච්චි කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. පසුගිය දවස් වල ඇය පිළිබඳව කාගේත් අවධානයට යොමු වූයේ ඇයගේ අපූරු විවාහ ගිවිස ගැනීම නිසයි. පෝට් සිටියේ අපූරු යාත්‍රාවක විවාහ ගිවිස ගැනීම සිදුකල ඇයට ඇයගේ පෙම්වතා වන විහග විසින් විවාහ යෝජනාව ගෙනාවේ සිංගප්පූරුවේ දීයි. ඉතින් ඒ අපූරු අවස්ථාවත් සුවහසක් රසික රසිකාවියන්ගේ අවධානයට යොමු වුණා. ඉතින් පසුගිය දිනක ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පිළිබඳව නවතම තොරතුරු ගෙනාවේ මේ විදියට.

‘ මේ දවස් වල නම් ලංවී , දිවිතුරා කියන ටෙලි නාට්‍ය දෙකේ රඟපෑම් කටයුතුවල නියැළී සිටිනවා. මගෙ පෙම්වතා ගැන කතා කළොත් එයාව මට හම්බවෙන්නෙ music video එකක් හරහා. එයාගේ පළමුවෙනි මියුසික් වීඩියෝ එක කරද්දි ඒකෙ රූප රචනයට සම්බන්ධ වුණේ මම. ඊට පස්සේ ඒ හඳුනා ගැනීමත් එක්ක අපි හොඳ යාළුවෝ වුණා. ඉතින් අපි නිතර කතාබහ කළා. එ විදියට කාලය ගත වෙද්දි තමයි අපි පෙම්වතුන් වුනේ. එයා වැඩිදුර අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවෙ තමයි ඉන්නේ. ඊට අමතරව ව්‍යාපාර කටයුතුවල නියැළී සිටිනවා.

ඇත්තටම මගේ විවාහ ගිවිස ගැනීම ගැන කතා කළොත් ඉන්ධන නැති ප්‍රශ්නය නිසා අපට බොහෝ බාධක තිබුණා. ඒත් නැකත් සහ තෝරා ගෙන තිබුණු දිනය අනුව අපට එදාටම විවාහය සිදු කරන්නට වුණා. මොකද නැකතත් යොදා ගත්තට පස්සේ ආයෙ කල් දාන්න බෑනේ. Port city එකේ යාත්‍රාවක් තමයි අපි ඒ වෙනුවෙන් යොදා ගත්තේ. ඒක ටිකක් වෙනස් අත්දැකීමක්. මොකද විහඟටයි මටයි ඕනේ උනේ වෙනස්ම අත්දැකීමක් සහ අමතක නොවන අත්දැකීමක් අපේ යාලුවන්ට ලබාදෙන්න. අවසානයේදී අපිට ඒ ගත්ත තීරණය හොඳයි කියලා හිතුණෙ ඒක වෙනස්ම අත්දැකීමක් වෙච්ච නිසා.

මම බොහොම විවෘතව කෙලින් කතා කරන කෙනෙක්. ඒ විවෘත කමට එයා ගොඩක් කැමතියි. අවංක අය තමයි කෙලින් කතා කරන්නේ. මං හිතන්නේ විහඟ මට කැමති ඒ අවංක කම නිසා වෙන්න ඇති. ‘

ඒ විදියට තමයි ඇය එහිදී පවසා සිටියේ. කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.