Celebrity Gossip

මට පෝස්ට් හදන අයගෙන් මම අහන්නෙ ඔයාලා මොනාද මං ගැන දන්නේ කියලා සංජානාට මල පනී

සංජානා ගමාරච්චි කියන්නේ මේ දවස් වල කලා ලොව තුළ වැඩිපුරම කතා බහට ලක්වන චරිතයක්. හුරුබුහුටි කෙළිලොල් සුන්දර යුවතියක් වන ඇයව ගොඩක් දෙනෙක් හඳුන්වන්නේ BMW කෙල්ල කියලා. ඒ එක්තරා රූපවාහිනී මාධ්‍ය වැඩසටහනක දී ඇය පැවසූ කතාවක් නිසයි. කොහොම නමුත් සංජානා කියලා කියන්නේ ඉතාමත්ම තාත්වික ව සිය රංගන කටයුතු සිදු කරන ආදරණීය රංගන ශිල්පිනියක්. ඒ නිසාම තමයි බොහෝ රසික රසිකාවියන් පිරිසක් ඇය වටා එක් රොක් වී සිටින්නෙ. ඉතින් ඔබ අප කවුරුත් දන්නවා පසුගිය දිනක දී ඇයගේ ජීවිතයේ සොඳුරුතම අවස්ථාවක් උදා වුණා. ඒ තමයි ඇයගේ registration එක.

ඉතින් ඇයට ඇයගේ පෙම්වතා විසින් එම මංගල යෝජනාව ගෙන එන්නේ හරි අපූරු විදිහට. පිටරටක සංචාරයක ගොස් සිටි අවස්ථාවකදී තමයි ඇයවත් පුදුමයට පත් කරමින් ඔහු එම විවාහ යෝජනාව ඇයට ගෙන එන්නේ. ඉතිං කාගෙත් කතාබහට ලක්වී තිබුණු මෙම සොඳුරු අවස්ථාවට බොහෝ රසික රසිකාවියන් පිරිසකගේ ආශිර්වාදය ඇයට ලැබී තිබුණා. ඒ වගේම තමයි ඇයගේ විවාහ ලියාපදිංචිය ටත් බොහෝ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවත් පිරිසක් ඇයට සුබ පැතුම් එක් කරලා තිබුණා. නමුත් ඉතාමත්ම සුළු පිරිසක් ඇයට විවිධාකාරයේ දෝෂාරෝපණ එල්ල කරනවා. ඒ ඇය සල්ලිකාර පෙම්වතෙකු වූ විවාහ කරගත්තෙ ඔහුට සල්ලි තිබෙන නිසා යැයි බොහෝ දෙනෙක් පවසන නිසයි. ඒ ගැන ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ටිකක් සැර ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ මේ විදියට.

” මම දකින විදිහට සාමාන්‍යයෙන් පවුලක් පෝෂණය කරන්න පුළුවන් මනුස්සයෙක් කසාද බැඳගත්තොත් හදිසියේ අනාගතේ දවසක Husband ට හරි මට හරි මොකක් හරි ලෙඩක් හැදුණොත් ඔය මට පෝස්ට් හදන අයවත්, කමෙන්ට් කරන අයවත් එන්නෙ නෑ අපිට සල්ලි දීලා ඔයා මේ injection එක ගන්න, මේ බෙහෙත් ටික ගන්න කියල කියන්න. ඒක හින්දා මම කියන්නෙ අපි කෙනෙක් හොයා ගනිද්දි බොරුවට දුක් විඳින්න කෙනෙක් හොයාගන්නෙ නැතුව සතුටින් ඉන්න පුළුවන් කෙනෙක් හොයාගන්න එක තමයි හොඳම. මට post හදන අයගෙන් මම අහන්න කැමතියි ඔයාලා මොනාද මං ගැන දන්නේ කියලා. මටම කියලා car එකක්, මටම කියලා ගෙයක්, මටම කියලා ඉඩම් කඩම් තියෙනවා නම්, මගේ පොතේ සල්ලි තියෙනවා නම් මම කොහොමද බඳින කෙනා ළඟට නිකන් ගියේ. පෝස්ට් හදන්න කලින් ඕවා ගැනත් හිතලා බලන්න “

ඉතින් මේ විදියට අදහස් දක්වන ඇයගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.