Celebrity Gossip

සංගීත් මගේ ජීවිතෙන් අයින් වුන එක මං දකින්නෙ මගෙ වාසනාවක් විදිහට – සංජානා ගමාරච්චි

මේ දිනවල දී කා අතරත් අතිශය ජනප්‍රිය චරිතයක් තමයි සංජානා ගමාරච්චි කියලා කියන්නේ. මේ දවස් වල හිරු ටීවී නාලිකාවේ වැඩසටහන් නිවේදිකාවක් විදිහට කා අතරත් කතාබහට ලක්වන චරිතයක් වන ඇය නිරූපිකාවක් විදිහටත් රංගන ශිල්පිනියක් විදිහටත් සිය වැඩ කටයුතු කරගෙන යමින් සිටිනවා. ඉතින් කවුරුත් දන්නවනෙ ඇය මේ වනවිට විවාහ ගිවිසගෙන තමයි සිටින්නේ. කෝටිපති ව්‍යාපාරික තරුණයෙක් සමඟ විවාහ වී සිටින ඇය ඇයගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය ගත්තෙත් කවුරුත් නොගන්නා ආකාරයෙන් වෙනස්ම විදියකට.

විවාහ වී සිටියත් බොහෝ තරුණයන්ගේ නිරන්තර ආකර්ෂණයට ලක්වන ඇය කාලයක් සංගීත් සතරසිංහගේ පෙම්වතිය වී සිටි බවට රාවයක් පැතිරුණා. කොහොම නමුත් මේ වන විට සංගීත් සතරසිංහ දිනිති වල්ගමගේ සමග පෙම් සබඳතාවක් පටන් අරගෙන තමයි තියෙන්නේ. පහුගිය දිනක දී ඔවුන්ගේ අපූරු ඡායාරූප එකතුවකුත් අපට දැකබලා ගන්නට පුළුවන් වුණා. ඒ වගේම තමයි සංගීත් ව්ලොග් නමින් හඳුන්වන සංගීත්ගේ youtube චැනලය ඔස්සේ සංගීත් සහ දිනිති එක්ව රසික රසිකාවියන් ඇසූ පැනවලට පිළිතුරු ලබා දුන්නා. එහිදී දිනිති එක් රංගන ශිල්පිනියකට එක්තරා චෝදනාවක් එල්ල කර තිබූ අතර ඇයගේ නම සඳහන් කරලා තිබුණේ නම් නැහැ. නමුත් බොහෝ දෙනා කියා සිටියේ ඇය එම චෝදනාව එල්ල කර සිටියේ සංජානාට බවයි. කොහොම නමුත් සංජානා ගෙන් සංගීත් සමග තිබූ සම්බන්ධතාවය පිළිබඳව ඇසූ විට ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකට ලබාදී තිබුණේ මෙවන් පිළිතුරක්.

”අපි අතරේ යාලුකමකට එහා ගියපු සම්බන්දතාවයක් තිබ්බ. හැබැයි ඒක ආදරයක් නෙවෙයි, කොහොම වුනත් මම දැන් සංගීත් එක්ක ලොකු සම්බන්දයක් නෑ, අපි යාළුවො විතරයි. එහෙම තමයි ඉතින්, කාලෙන් කාලෙට කට්ටිය ලංවෙනවා ආයේ දුරස් වෙනවා. ඉතින් ඒ වගේ අය මගේ ජීවිතෙන් දුරස්වුන එක මම දකින්නේ මගේ වාසනාව විදියට “

ඉතින් මේ විදියට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.