Celebrity Gossip

රන්වල බලකායෙන් රංගනයෙන් රට හොල්ලන්න ආපු නීතිඥවරියක් වෙන්න හිතන සචින්තනී

කාලෙකට කලින් වගේ නෙවෙයි දැන් විවිධ ක්ෂෙත්‍රයන්හි දක්ෂ අය පවා රංගනය එක්ක එකතුවෙනව.මෙි කියන්න යන්නෙත් නීති ශිෂ්‍යාවක් විදියට ඉගෙන ගන්න ඇය සචින්තනී කෞශල්‍යායි.

” මම මෙි වෙනකොට කොළඔ විශ්ව විද්‍යාලයේ නීති පීඨය තුල ඉගෙන ගන්නවා.දැනට ඉන්නෙ අවසන් වසරේ.කිරිබත්ගොඩ තමයි ගම.දැනට ඉගෙන ගන්නෙ මනෝ චිකිත්සනය,මනෝ උපදේශනය හා මානව සම්පත් කළමණාකරණය කියන ඩිප්ලොමා දෙක තමයි දැනට කරන්නෙ”

සචින්තනී මෙි දිනවල ධනුෂ්ක රත්නායකගෙ කියාදෙන්න ආදරේ නාට්‍යයේ දිගැසි චරිතය රගපානව.

” මිනිස්සු ඇත්තටම සචින්තනී ව දන්නෙ නෑ.එයාලා දන්නෙ රෙදි මෝලවත්තෙ හැදුනු අම්මා නැති තාත්තා එක්ක හැදුනු දුක් මහන්සිවෙන දිගැසිව.ඒ අාදරය මට නම් ගොඩක් වටිනව.

සචින්තනී කෞශල්‍යා කියන්නෙ ගායනයටත් ගොඩක් දක්ෂ කෙනෙක්.ඇය රංගනයට එන්න කලින් රන්වල බලකායෙ ගෝලයෙක් විදියට ඉදල තියෙනව.ඇය කියන විදියට තමන්ගෙ තාත්තා ව්‍යාපාරිකයෙක් වන නිසාම මවත් ගෘහනියක් වන නිසාම තමන්ව තැනකට ගන්න ඒ අය ගොඩක් මහන්සි වෙන බවත් එයාලගෙ මහන්සියට තමන් කැපවෙන බවයි ඇය කියන්නෙ.

” මගෙ තාත්තා නම් මුලදි කැමති වුනේ නෑ රගපානවට.තාත්තා ඇත්තටම බයවුනා නමට කැලලක් වෙයි කියලා.ඒ මම යම් වෙලාවක හරි අධ්‍යාපන කටයුතු අසාර්ථක කරගනී කියල.ඇත්තටම එහෙම වුනේ නැති එක ගැන දැන් නම් එයාලාට ලොකු සතුටක් ඇති කියල මම හිතනව.

සචින්තනීගේ අදහස වෙන්නෙ කෙසේ හෝ නීතිඥවරියක් බවට පත්වෙන්නයි.අැය ඒ සියලු සිහින එක්ක රංගනය තුලත් දෙයක් කරන්නයි හිතන්නෙ.

” මට ලැබෙන කාලය සීමිතයි.ඒත් රංගනය කියන දේට කැපවෙන්න කැමතියි.ඒ ක ගැන කිව්වොත් මට හැම කෙනෙක්ම උදව් කරන්නෙත් මම අවංකවම මෙි දේට කැපවෙන නිසයි. කොහොමවුනත් තමන්ගෙ පාඩුවෙ වැඩක් කලොත් ඇත්තටම කිව්වොත් ඉදිරියට යන්න බැරිකමක් නම් නැති තරම්”

සචින්තනී තමන්ගෙ ඉලක්කය නීතිඥවරියක් බවට පත්වීම වුවද හොදම නිලිය වෙන්නත් කවදා හරි හිතනබවයි පවසන්නේ