Celebrity Gossip

කවුරුත් ආදරේ කරන සචිනි නිපුන්සලා උතුම් මවු පදවියට?

සචිනි නිපුන්සලා කියලා කියන්නේ ශ්‍රී ලංකා වාසි කොයි කොයි කාගෙත් ආදරේ දිනාගෙන සිටින ආදරණීය නිවේදන ශිල්පිනියක්. දෙරණ නාලිකාවේ විකාශය වන දෙරණ ලිට්ල් ස්ටාර් වේදිකාවේ සහ Derana champion star unlimited වේදිකාව තුළ ඉතාමත්ම ආකර්ෂණීය ලෙස නිවේදන කටයුතු සිදු කරන ඇය ඇත්තෙන්ම පුහු ආටෝප නැති නිහතමානි නිවේදන ශිල්පිනියක් වනවා. පේෂළ සහ මාධව සමගින් ඉතාමත්ම සුහදශීලීව විනෝදකාමී ව සිය වැඩ කටයුතු කරන නිසා තමයි ඇයට බොහෝ රසික රසිකාවියන්ගේ ආදරය නිරන්තරයෙන්ම හිමි වන්නේ. කුඩා කල සිටම දෙරණ නාලිකාව සමගින් අත්වැල් බැඳගෙන සිටින ඇය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලත් උපාධිධාරිණියක් ද වනවා.

පවුලේ එකම දියණිය වූ නිසාම ඇයට මව්පියන්ගෙන් ලැබුණේ මහත් වූ ආදරයක් සහ ආරක්ෂාකාරී සෙනෙහසක්. බාලිකා පාසල් දෙකකින්ම අධ්‍යාපනය ලබාගත් ඇය එහිදීත් හොඳම නිවේදිකාවක් ලෙසින් කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ වන විට යුග දිවියට පැමිණිලා තියෙන ඇය ඉතාම සාර්ථක විවාහ ජීවිතයක් තමයි ගත කරන්නේ. ඇය විවාහ වී සිටින්නේ කඩවසම් තරුණයෙක් වන ඉසුරු සමගින්. දිනක් එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය ඔහු පිළිබඳව කියා සිටියේ මේ වගේ දෙයක්.

” ඇත්තම කිවුවොත් ඒ කලේ ඉසුරු මගේ ක්‍රෂ් එකක්. ඒත් හිතේ තියාගෙන ඉදියා. ඒ 2011දී. අපි හොද යාළුවො. ඊටපස්සේ අපි ෆේස් බුක් එකෙන් කතාබහ කරා. එයා මට පුද්ගලයෙක් විදියට කැමතියි. ආදරය කියලා තිබ්බේ නැහැ. අවුරුදු 7ක් වගේ අපි යාළුවො වගේ හිටියා. අපි දෙන්නගෙම හිතේ තිබ්බ. ඇහුවේ නැහැ. පස්සේ දෙන්නම ඒ ගැන කතාකරා. ඊට පස්සේ තමයි ඉතින් විවාහය සිද්ද වුනේ.2017 තමයි කිවුවේ. 2020 තමයි අපි මැරී කරේ. “

ඉතින් මේ වගේ සුන්දර ආදර කතාවකින් විවාහ වුණු ඇය ඒ වන විට මව් පදවිය ලැබීමට සූදානම් බව තමයි අපට ආරංචි වන්නේ. ඇය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ දැමූ එක්තරා ඡායාරූපක් නිසා බොහෝ දෙනෙක් ඇයට ඒ වෙනුවෙන් සුබ පැතුම් එක් කරලා තිබුණා. කොහොම නමුත් ඉතින් ඇය නම් තාම ඒ ගැන මොකුත් සඳහන් කරලා නැහැ. කොහොම නමුත් ඇය මේ වන විටත් උතුම් මව් මවු පදවිය ලබලා නම් ඇයට නිරෝගී දරු සම්පත්තියක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.