Celebrity Gossip

අවුරුදු 2ක් වැනි කෙටි කාලයකදී විවාහ වෙන්න හැකි වුණේ ඒ තේරුම් ගැනීම නිසා – සචිනි නිපුන්සලා

සචිනි නිපුන්සලා කියලා කියන්නේ ලංකාවේ කොයි කවුරුත් ආදරය කරන ආදරණීය නිවේදන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් වනවා. දෙරණ නාලිකාවේ විකාශය වන derana little star සහ derana champion star unlimited වැඩසටහන් ඔස්සේ බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණය සහ ආදරය දිනා ගන්නට පුළුවන් වූ ඇය මේ වන විට ඉතාමත්ම සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන සුන්දර තරුණියක් වනවා. ඇය විවාහ වන්නේ ඉසුරු නමින් හඳුන්වන කඩවසම් තරුණයෙක් සමඟයි. දෙරණ නාලිකාවේ නිවේදන කටයුතු කරන අතරතුරදී මාධවගේ සහ පේෂලගේ නිරන්තර උසුළු විසුලු වලට නතු වෙන ඇය ඒවාට ඉතා හොඳින් විහිලුවකින්ම මුහුණ දෙනවා. ඒ නිසාම තමයි එම වැඩසටහන් එතරම්ම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී තියෙන්නේ.

සචිනි නිපුන්සලා කියලා කියන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ ධාරාව ඔස්සේ අධ්‍යාපන කටයුතු හැදෑරූ තරුණියක්. පාසල් යන අවධියේ 5 වසරේ සිටම නොයෙක් චැනල් වල ළමා වැඩසටහන් මෙහෙයවමින් නිවේදන කටයුතු සිදු කළ ඇය දෙරණ නාලිකාව හා සම්බන්ධ වන්නේ අවුරුදු දාහතරක් වැනි කුඩා අවධියක සිටයි. අධ්‍යාපන කටයුතු සිදු කරන අවධියේ සිටම වැඩසටහන් මෙහෙය වීමෙන් දායක වූ ඇය මේ වන විට දෙරණ නාලිකාවට නැතිවම බැරි අපූරු නිවේදිකාවක් වී අවසානයි.

මීට වසර දෙකකට පෙර දී විවාහ දිවියට එළඹුන ඇය මේ වන විට ඉතාම සාර්ථක යුග දිවියක් ගත කරනු ලබනවා. ඇය සහ ඉසුරු විවාහ වන්නේ ඉතාම චාම් ආකාරයේ විවාහ මංගල උත්සවයක් ගනිමින් වීම විශේෂත්වයක්. ඔවුන් මංගල උත්සවය සඳහා වැඩි වියදමක් දරා නොමැති අතර සුපිරි පන්නයේ හෝටලයක් වෙනුවට ඔවුන් පන්සල තෝරාගෙන තිබීම විශේෂත්වයක්. ඒ වගේම තමයි ඔවුන් එදින වැඩිහිටි නිවාසයකට දානයක් ද දී තිබුණා. ඉතින් ඔවුන් දෙදෙනාගේ මේ අපූරු ක්‍රියාව පිළිබඳව සචිනි අදහස් දක්වල තිබුනෙ මේ විදියට.

“ඒක ඉසුරුගෙයි මගෙයි දෙන්නගෙම අදහසක්. අනික ඉසුරුයි, මමයි තමයි සම්පූර්ණ වියදම දැරුවේ. අපි අම්මලට කරදර කළේ නැහැ. අපට ඕන වුණේ බොහෝම සරල දෙයක් කරන්න. බොරුවට සල්ලි ගොඩක් වියදම් කරන්න නෙවෙයි අපට ඕන වුණේ හොඳ දෙයක් කරන්න. ඉතින් වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්න අදහස් කළේ ඒකයි.”

ඒ වගේම තමයි ඇය විවාහ වී සිටින තරුණයා පිළිබඳව සහ ඔවුන්ගේ ආදර කතාව පිළිබඳව සචිනි අදහස් දක්වලා තිබුණේ මෙහෙමයි.

“එයාව දැක්ක ගමන් පොඩි ක්‍රෂ් එකක් ඇති වුණා. මුලින්ම අපි හොඳ යාළුවො. අවුරුදු 7ක් 8ක් විතර අපි හොඳ යාළුවො වගේ හිටියා. ඒ කාලෙදි අපි හොඳින් අඳුනගත්තා. මට තේරුණා ඉසුරු මට ගැළපෙනවා කියලා. ඊට පස්සෙ කතාබහ කරලා අපි පෙම්වතුන් වුණා. 2020 දි තමයි අපි විවාහ වුණේ. අවුරුදු 2ක් තරම් කෙටි කාලයකදී විවාහ වෙන්න පුළුවන් වුණේ ඒ තේරුම් ගැනීම නිසා. දැන් ඉතින් අපි සතුටින් ජීවිතේ ගෙවනවා.”

ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය දෙපලගේ අනාගත දිවිය සුභ වේවා කියලා පතන අතරම ඉදිරි අනාගත කටයුතු සියල්ලම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.