Celebrity Gossip

මමත් ඩ්‍රින්ක්ස් ගන්නවා. ගෑනු ළමෙක් ස්ථාවර වෙනවා කියන්නේ බැදලා ළමයි හදන එකට නෙවෙයි – සචිනි දිල්හාරා

සචිනි දිල්හාරා කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රයට පිවිසි නවක රංගන ශිල්පිනියක්. අහස් මාලිගා ටෙලි නාට්‍ය ඔස්සේ රංගන කරළියට පැමිණි ඇය ධරණි , මැස්සා , රෝස සංධ්වනිය ආදී ටෙලි නාට්‍ය කිහිපයකම සිය රංගන දායකත්වය ලබා දෙනවා. ඉතින් සචිනි කියලා කියන්නේ තවමත් අවුරුදු 23 ක නව යොවුන් තරුණියක්. ඒ වගේම තමයි ඇය සංගීතේ ටෙලි නාට්‍යයේ මහී ගේ චරිතයට පණ පොවන ලවන් අභිෂේක්ගේ පෙම්වතිය කියලා තමයි කවුරුත් හඳුන්වන්නේ. ඒ වගේම ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිවේදන කටයුතු සිදු කරන ඇය වයස අවුරුදු 10 දී වෙලද දැන්වීමක රූප රචනාවකටත් සහභාගි වී තිබෙනවා. ඉතින් ඇය එක් වූ එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී ආදරේ ගැන දැරුවේ මේ වගේ මතයක්.

” ඇත්තටම මම ආදරේට ආදරේ කරන කෙනෙක්. මම ආදරෙන් බැදුනොත් ඉතින් ආදරේම තමයි. හරිම කෙනා ලැබුනොත් සීයට සීයක් ආදරේ කරාවී. මම ආදරේදී හරි අවංකයි. මම ටිකක් දගයි. ඒ වුණත් මම මිනිස්සුන්ට හරිම කරුණාවන්ත කෙනෙක්. ගෑනු ළමයෙක් ස්ථාවර වෙනවා කියන්නේ කසාදයක් ලද ළමයි හදන එකට නෙවෙයි. තමන් ගැන ඇරෙන්න වෙන ජීවිතේට එන අනිත් අය ගැන විශ්වාසයක් තියන්න බෑ. එයාලා ඕනෑම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඒ හැමදේටම රෙඩි වෙලා ඉන්න ඕනේ. ඒක නිසා හොඳ වෘත්තීය කින් ස්ථාවර ආදායම් මාර්ගයක් තියෙනවා නම් මම හිතන්නේ ගෑනු ළමයා ස්ථාවරයි ස්වාධීනයි.

සචිනි දිල්හාරා කියලා කියන්නේ හරිම විවෘත චරිතයක්. ඒ නිසාම ඇය කාන්තාවන් ඩ්‍රින්ක්ස් ගන්න එක ගැන දැරුවේ මේ වගේ මතයක්.

” ඩ්‍රින්ක්ස් ගන්න කට්ටිය නරකයි කියලා මං හිතන්නේ නෑ. හැබැයි ඒවා මිනිස්සු විසින් නිර්මාණය කරගෙන තියෙන දේවල්. මමත් ඩ්‍රින්ක්ස් ගන්නවා Party වලට function වලට ගියාම. දැන්නම් හරිම අඩුවෙන් පාවිච්චි කරන්නේ. මම දැන් meditation පැත්තට යොමු වෙලා ඉන්න නිසා. ඩ්‍රින්ක්ස් ගන්න කට්ටිය හොදයි කියන්නෙ නෑ ඒත් ඒකේ වරදක් දකින්නෙත් නෑ. මම දැන් මාස එක හමාරකට පාරක් වගේ පොඩ්ඩක් ගන්නවා. “

මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.