Celebrity Gossip

මම ටොන් ගණනක් මේකප් දාගෙන සිටියේ නැත මම අයි ලයිනර් එකක් විතරයි යුස්කරේ – සචිනි අයේන්ද්‍රා

සචිනි අයේන්ද්‍රා කියලා කියන්නේ ශ්‍රී ලාංකේය රංගන ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් ද වෙනවා. කෙතරම් වයසට ගියත් තවමත් එදා මෙන් ම ලස්සන රූ සපුවකට හිමිකම් කියන ඇය ආදරණීය බිරිඳක් වගේම මවක්ද වනවා. සචිනි අයේන්ද්‍රා කියලා කියන්නේ කොහොමත් තමන්ගේ රූපය සහ ලස්සන ගැන වැඩිපුර හිතන කෙනෙක්. ඇය නිතරම ලස්සනට පිලිවෙලට අඳින්නට කැමති කාන්තාවක්. ඉතිං පසු ගිය කාල වකවානුව තුළදී ඇය අරගල බිමේ ක්‍රියාකාරී කලාකාරිනියක් විදියට අපට දැකගන්නට පුළුවන් වුණා. ඉතින් එහිදී ලබාගත් එක් ඡායාරූපයකට බොහෝ දෙනාගේ විවිධාකාර ඍණාත්මක ප්‍රතිචාර ඇයට ලැබී තිබුණු බව අපිට ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ දී දැක ගන්නට පුළුවන් වුණා. ඉතිං ඒ පිළිබඳව ඇය රසික රසිකාවන්ට පිළිතුරු සටහනක් තම නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කිරීමටත් අමතක කළේ නැහැ. ඇය මේ විදිහට තමයි එම සියලුම ප්‍රතිචාර වලට පිළිතුරු ලබා දීල තිබුනෙ.

‘ Dear Haters, Photo දෙකක් බැලීමෙන් ඔබ මිනිසෙක් විනිශ්චය කරන්නේ කෙසේදැයි වටහා ගැනීම ඇත්තෙන්ම කණගාටුදායකය, ඔබ සෑම කෙනෙකුම පැයක්වත් අරගලයට සහභාගී වී ඇතැයි මම බලාපොරොත්තු වෙමි පළමුවෙන්ම මම ටොන් ගණනක් මේකප් දාගෙන සිටියේ නැත, මම අයි ලයිනර් එකක් විතරයි use කරේ (සමීපව බලන්න) මගේ සම මතුපිට කසිවක් නැත ,කැමරාවේ ෆ්ලෑෂ් එක ඉතා දීප්තිමත් වූ බැවින් පින්තූරය ඒ ආකාරයෙන් පෙනේ (මම Make up Use කරා කියල හිතුවට thank you! මම එය ප්‍රශංසාවක් ලෙස ගන්නෙමි) දෙවනුව, මම වැඩ නිම වී, මගේ කාර්යාලයේ සිට කෙළින්ම ගිය අතර කැත ඇඳුම් අඳින්න කාලය තිබුනේ නැත (ඔයාලා හැමෝම කිව්වෙ මම විලාසිතා සංදර්ශනයකට යනවා වගේ කියලා) අපි ගොඩක් දුර ඇවිදපු නිසා අපි එතනට යනකොට හවස් වෙලා. ඔච්චර වෛර කිරීම නවත්වන්න, අපි අගය කළ යුතු දේ සහභාගීත්වයයි, අරගලය මුළු ජාතියේම නියෝජනයක්, අපි එහි ගිය වේලාව, අපි ඇඳ සිටි දේ, අපි පින්තූර ගත් ආකාරය, අපි පින්තූරවල පෙනුණු ආකාරය වැඩක් නැත, එහිදී මිනිසුන් සමඟ සිට මොහොත බෙදා ගැනීම වැදගත් වේ

Dear Haters, it’s truly sad to realize how you judge a perosn just by looking at two photos, I hope each and everyone one of you participated in the aragalaya even for an hour.. First of all I didn’t wear tons of make up I wore just an eyeliner ( look closely ) my skin has absolutely nothing on it! The picture looks that way as the cameras flash was so bright (also thank you for assuming I have make up on ,I will Take it as a compliment ) Second of all I went there after work and straight from my office didn’t have time To wear ugly clothes( you all mentioned I looked like I was going for a fashion show ) since we walked most of the way it was evening when we got there! Stop hating so much,what we need to appreciate is participation , අරගලය was a representation of the whole nation , what time we got there , what we wore , how we took the pictures , how we looked in the pictures don’t matter, being there , standing with people and sharing the moment is what’s important ‘

මේ විදිහට තමයි ඇය තම ෆේස් බුක් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා තිබුණේ. ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය කලා කාරිණියගේ සියලුම සිතුම් පැතුම් ඉටුවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.