Celebrity Gossip

නිරුවත් දර්ශන තියෙන හැම නිර්මාණයක්ම මම ප්‍රතික්ෂේප කලා

සබීතා පෙරේරා කියන්නේ රිදී තිරයේ නොමැකෙන සලකුණක් තබා තිබෙන රංගනයෙන් මෙන්ම නර්තනයෙන් ද එකසේ දස්කම් පාන කිසිදා වයසට නොයන ප්‍රවීණ සහ දක්ෂ කලා ශිල්පිනියක්.80 90 දශක වල ශ්‍රී ලාංකීය සිංහල සිනමාවේ නැතිවම බැරි චරිතයක් වූ ඇය රංගනයට පිවිසෙන්නේ ළදරු අවධියේදිමයි.සිය දෙමව්පියන්ගේ ආභාෂය ඒ ආකාරයෙන්ම ඇයට හිමි වූ නිසා ඇය කලා ක්ෂේත්‍රයේ මේ වන විට නොමැකෙන නමක් දිනාගෙන සිටියි.ඇය රංගනයෙන් දායක වූයේ විජය කුමාරතුංග, ජීවන් කුමාරතුංග , සනත් ගුණතිලක , මාලනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම ආදී සිනමාවේ දැවැන්තයන් සමගින් වීම ඈ ලද භාග්‍යයක්.

කාලයක් ඈ වටා පැතිර තිබූ කට කතාවක් වන්නේ ඇය සනත් ගුණතිලක සමඟ විවාහවන්නට සිටි බවයි.නමුත් එය අසත්‍යක් බව සනාථ කරමින් ඇය ව්‍යාපාරිකයකු සමඟ විවාහ වී සිය ජීවන ගමන ආරම්භ කළා.මේ වන විට ආදරණීය පුතෙකුගෙ මවක් වන ඇය ව්‍යාපාර කිහිපයකම හිමිකාරීත්වය දරනවා.

“දෙවෙනි ගමන,සබීතා,ඉවසන දනා,චන්ඩි රැජින” ආදී අතිශය ජනාදරයට පත් වූ සිනමාවන් ඔස්සේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය නිතැතින්ම දිනාගත් ඇය “අකාල සන්ධ්‍යා,පිටගම්කාරයෝ,ඇසල කරුවල” ආදී සම්භාව්‍ය ගණයේ ටෙලි නාට්‍යවලට ද ඇගේ අසහාය රංගන දායකත්වය ලබා දී තියෙනවා.එමෙන්ම “විරාගය,සඳ යහනට” ආදී චිත්‍රපට වලට ඇගේ රංගන කුසලතාව පෙන්වන්නේ ඉතා ඉහළ ගණයේ චරිත උදෙසායි.මේ වන විට ඇය ගණන් කළ නොහැකි තරම් චිත්‍රපටි ප්‍රමාණයකට ඇගේ රංගන දායකත්වය ලබා දී තියෙනවා.

ඇයගේ විශේෂත්වය වන්නේ ඇයට ලැබෙන සෑම නිර්මාණයක්ම ඇය තෝරා බේරා ගෙන රඟපෑමයි. ඒ මන්ද යත් ඇය පවසන ආකාරයට ඇය කිසිදා නිරුවත් රංගනයකට හෝ අඩ නිරුවත් දර්ශන ඇති නිර්මාණයකට රංගනයෙන් දායක වී නැත.එවැනි නිර්මාණ ඇය ප්‍රතික්ෂේප කරන බව තමයි ඇය පවසා සිටියේ.

සබීතා පෙරේරා කියලා කියන්නේ ශ්‍රී ලාංකීය සිනමාවේ මෙන්ම පකිස්ථානු සිනමාවේද නොමැකෙන සටහනක් තැබූ ප්‍රවීණ රංගන ශිල්පිනියක්.නවක පරපුරේ රංගන ශිල්පිනියන්ට ඇත්තෙන්ම ඇය මහඟු ආදර්ශයක්.ඉතිං ඇයගේ ඉදිරි ගමනට සුබ පතන අතර ම නව නිර්මාණ රැසකින් රසික හමුවට ඒමට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.