Celebrity Gossip

හෙට උදේ නැගිටිනකම් අපිට අපේ ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බෑ – කාවින්දයා අධිකාරි

කාවින්දයා අධිකාරි කියලා කිව්වම ලංකාවෙනම් නොදන්න කෙනෙක් නැති තරම්. යොවුන් ගායිකාවක වන ඇය නිවේදනය සඳහාත් රංගනය සඳහාත් එක සේ දස්කම් පානු ලබනවා. ඇය රංගනයෙන් දායක වූ ඝරසරප සිනමා පටය ඊට කදිම උදාහරණයක්. ඒ වගේම තමයි ඇය ලංකාවේ ප්‍රවීන ගායන යුවලකගේ දියණියක් වීමත් ඇයගේ ජනප්‍රියත්වයට හේතු වෙනවා. ගායන ශිල්පී අතුල අධිකාරි සහ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව මහත්මියගේ දියණිය වන ඇය සැබවින්ම ඔවුන්ගේ ගායන උරුමය එලෙසින්ම රැගෙනවිත් තිබෙනවා. අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව මේ වන විට සිය විවාහයෙන් වෙන් වී සිටිනවා. අතුල අමායා සමඟ විවාහ වන අතර සමිතා මුදුන්කොටුව චිරන්ත සමග විවාහ දිවියට එළඹෙනවා.

කොහොම වුණත් ඔවුන් ඔවුන්ගේ පවුල් ජීවිතය ඉතාමත්ම සතුටින් සහ සාර්ථක අන්දමින් ගෙවා ගෙන යන බව සමාජ මාධ්‍ය තුළින් අපට නිරන්තරයෙන් ම දැක බලාගන්නට පුළුවන්. සිය පියා වන අතුල අධිකාරී ඔවුන්ගෙන් වෙනම සිටියත් කවින්ද්‍යා සහ අතුල ඉතාමත්ම ආදරයෙන් සිටින බවත් අපට දැකබලා ගන්නට පුළුවන්. ඉතින් කාවින්දයා අධිකාරි නිරන්තරයෙන්ම සිය නිල ෆේස්බුක් පිටුවේ විවිධාකාර සටහන් පළ කරනු ලබනවා. ඉතින් ඊයේ දිනයේදීත් ඇය එවැනි අපූරු සටහනක් සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුමේ පළ කරලා තිබුණා. ඒ තමයි,

‘ කොච්චර කල් ජීවත් උනා ද කියන එක නෙමේ වැදගත්. කොච්චර කල් ජීවිතේ “විඳිමින්” ජිවත් උනා ද කියන එකයි වැදගත්.ඔව්, ගොඩක් අය කියනවා, “අපිට කොච්චර කල් තියෙනව ද කියලා..” හැබැයි මම හිතන විදිහට, අපිට එහෙම මහ කාලයක් නෑ. මේ ඉන්න මොහොත පමණයි අන්තිමට ඉතුරු වෙන්නේ. හෙට උදේ නැගිටිනකම් ම අපිට අපේ ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බෑ. ඒ තරම් ම අපේ ජීවිතය අස්තිරයි. සතුටින්, ජීවිතේ විඳිමින් ජීවත් වෙන්න. වෛරය හිතින් තුරන් කරලා ජීවත් වන්න. ඒකෙන් අනුන්ට වගේම තමන්ටත් සැනසීමක් ඇතුව ජීවිතේ ලස්සනට ගත කිරීමට හැකියාව ඇති වේ ‘

මේ විදිහට තමයි ඇය පළ කරලා තිබුණේ. ඉතින් කවුරුත් ආදරේ කරන මේ ආදරණීය කලා ශිල්පිනියගේ සියලුම වැඩකටයුතු ඇය සිතන පතන අයුරෙන්ම සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.