Celebrity Gossip

මං කවදාවත් රෑ ඇඳුම පිටින් කුස්සියට යන්නෙ නෑ – රුවන්ගි රත්නායක

රුවන්ගි රත්නායක කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය සිටින අති දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. අංගනා ටෙලි නාට්‍ය හරහා සහ මල් දෙවැට ටෙලි නාට්‍ය ඔස්සේ කාගෙත් ආදරය සහ ආකර්ෂණය දිනා ගැනීමට හැකි වූ ඇය සුභා තෙරණියෝ , ඩොක්ටර් නවරියන් ආදී අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු සිනමාපට ඔස්සේත් සිය රංගන හැකියාව විදහා දක්වලා තියෙනවා. ඒ නිසාම තමයි රසික රසිකාවියන් බොහෝ පිරිසක් ඇයට ආදරේ කරන්නෙ. පුංචි තිරයේ අහිංසකාවියක් ලෙස සැලකෙන ඇය සැබෑ ජීවිතය තුළත් ඉතාම නිරහංකාර නිහතමානී යුවතියක් වනවා.

ඇය මේ වන විට ඉතාමත්ම සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා. මැණික් ව්‍යාපාරික කඩවසම් තරුණයකු සමග විවාහ වන ඇය විවාහයෙන් පසු නම් වැඩිය පුංචි තිරය තුළ දැකගන්නට ලැබුණේ නැහැ. ඉතින් ඒ ගැන එක්තරා මාධ්‍යවේදියෙක් විමසූ විට ඇය පැවසුවේ ඒවායේ ගැටලු සහගත තත්ත්වයන් තිබූ බවත් එම නිර්මාණවල ගෙවීම් ප්‍රශ්න තිබුන නිසාත් තවත් ය. නමුත් ඇය කලාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී නොමැති බව එහිදී කියා සිටිනවා. රුවන්ගි කියලා කියන්නේ තම විවාහ ජීවිතයට මුල් තැනක් ලබා දෙන කාන්තාවන්. ඉතාම සුන්දර බිරිඳක් විදිහට සහ පිළිවෙල සහගත ගෘහණියක් විදිහට ඇය සිය ගෙදර දොරේ වැඩ කටයුතු කරගෙන යනවා.

ඉතින් ඇය පවසන විදියට ඇය හැමදාම කෑම හදලා කුස්සිය අස් කරල පිරිසිදු වෙලා තමයිලු කෑම කන්නේ. ඒ වගේම අපි කොච්චර කාර්යබහුල යුවතියන් වුණත් මුලුතැන්ගේ පිරිසිදුව තබා ගන්න ඕනි කියලත් ඇය කියා සිටිනවා. ඒ වගේම ඇය පවසන විශේෂම කාරණාව තමා ඇය කිසිම දිනක කිසිම වෙලාවක රාත්‍රී නිදන ඇඳුම පිටින් මුළුතැන්ගෙට යන්නේ නෑලු. එය වැරදි දෙයක් විදියට තමයි ඇය නම් දකින්නේ. ඇගේ දවස ආරම්භ කරන විදිහ ගැන පවසන්නේ මේ වගේ දෙයක්.

” මම හැමදාම උදේ 6.30ට විතර නැගිටලා කුස්සියට ගිහින් වැඩ කරන්න පටන් ගන්නේ. මට ඕනම කෑමක් හදන්න පුලුවන් රසට. මම හරිම කැමතියි මම උයන කෑම කවුරු හරි සතුටින් භුක්ති විදිනවට. මම කාර්‍යබහුල දවසක කෑම හදන්න කලින් දවසේ ඉදලා සැලසුම් කරනවා. එහෙම තමයි වැඩ කරන්නේ. එතකොට කොච්චර කාර්‍යබහුක වුණත් ඕන වැඩක් ලස්සනට පිලිවෙලට කරගන්න පුලුවන්.”

ඉතින් මේ විදිහට අදහස් දක්වන මැය ගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.