Celebrity Gossip

අපි මුස්ලිම් නිසා තාත්තා කැමැති නෑ රඟපානවට.ඒකයි නම වෙනස් කලේ – රුක්ෂානා දිසානායක

ලංකාවේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි රුක්ෂානා දිසානායක කියන්නේ.ඇය රංගන ක්ෂේත්‍රයේ පමණක් නොව music videos තුළත් ඇගේ රංගන කුසලතාව විදහා දැක්වූවා.වෙළඳ දැන්වීම් ඔස්සේත් ඇයව අපිට නිරන්තරයෙන්ම දැක බලාගන්නට පුළුවන්.ඇයටම ආවේනික වූ සුන්දර පෙනුම නිසා බොහෝ තරුණයන්ගේ ආකර්ෂණය ඇයට නිරතුරුවම හිමිවෙනවා.ඇය පසුගියදා එක් වූ එක්තරා සාකච්ඡාවක දී ඇයගේ තොරතුරු බෙදා ගත්තේ මේ අයුරින්.

මම ඉස්සර ඉඳන්ම ආස කලේ නැටුම් ගුරුවරියක් වෙන්න.ඒ නිසා තමයි සෞන්දර්ය කලා විශ්ව විද්යාලයේ නර්තනය සම්බන්ධ උපාධිය හැදෑරුවෙ.නමුත් මම රංගන ක්ෂේත්‍රයටත් ගොඩක් කැමතියි.මම උපතින්ම මුස්ලිම් ජාතිකයෙක්.මගේ තාත්තා මුස්ලිම්.හැබැයි අම්මා බෞද්ධ.ඒ නිසා අම්ම ගොඩක් කැමතියි මම රඟපානවට.ඒත් ඉතිං අපේ ආගමේ තියෙන එක එක ආගමික හේතු නිසා මුස්ලිම් තරුණියකට රඟපාන්න අවස්ථාව ලැබෙනවා ගොඩක් අඩුයි.ඒ නිසා තමයි මගෙ අම්මගෙ surname එක වන දිසානායක කියලා දාලා රුක්ෂානා දිසානායක කියල මගෙ නම වෙනස් කර ගත්තෙ.මගෙ සම්පූර්ණ නම ෆාතිමා රුක්ෂානා ෆයිරූස්.

ඇත්තටම මගේ තාත්තා නම් රඟපානවට කැමැති වුණේ නෑ.මම මුස්ලිම් ජාතික කාන්තාවක් උනත් හැම ආගමකට ම එක වගේ ගරු කරනවා.මොකද අපි ජාති ආගම් භේද විදිහට මිනිස්සුන්ව වෙන් කරන්න හොඳ නෑ.මම පල්ලිත් යනවා පන්සලුත් යනවා කෝවිලටත් යනවා.හැම ආගමකින්ම අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා.රංගන ක්ෂේත්‍රයට ඒමේ පහසුව නිසා තමයි මම මගේ නම වෙනස් කර ගත්තෙ.ඇත්තටම මම දැන් පෙම්වතියක්.එයා සිංහල ජාතික තරුණයෙක්.ඒත් ඉතින් තාත්තා නම් වැඩි කැමැත්තක් දක්වන්නෙ නෑ.ඒත් මට නම් හැම ආගමක් ම එක වගේ.අපි හැමෝම මිනිස්සු.ඒ විදිහට තමයි මම නම් දකින්නේ.යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් ඇයගේ අනාගත කටයුතු සියල්ලක් ම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.