Celebrity Gossip

නැවත මට තාත්තා කියන වචනේවත් ආපහු කියන්න ලැබෙයි කියලා කවදාවත් හිතුවේ නෑ – ඉෂාර මධුෂාන්

ඉෂාර මධුෂාන් කියනවාටත් වඩා ඔහුව බහුතරයක් දෙනා හඳුන්වන්නේ රදීෂ් යන නමිනි.රදීෂ් කියන්නේ දෙරණ නාලිකාව ඔස්සේ විකාශයවන දෙවනි ඉනිම ටෙලි නාට්‍යයේ ඔහු රඟ දක්වන එක්තරා චරිතයක්. ඉතින් එහිදී විවිධාකාර වූ බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගැනීමට ඔහුට හැකියාව ලැබෙනවා. ඔහු මුලින්ම රාවණා සීසන් 3 එකේ සාම්පති කියන චරිතයට පණ පෙවූ අතර ඉන්පසුව තමයි ඔහුට දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ රදීෂ් කියන චරිතය රඟපෑමට ආරාධනා ලැබෙන්නේ.ඉතින් ඔහුගේ තාත්වික රංගන හැකියාව නිසාම බොහෝ රසික රසිකාවියන් පිරිසක් ඔහු වටා එක් වී සිටිනවා.ඒ වගේම තමයි ඔහුගේ කඩවසම් පෙනුම නිසාම බොහෝ තරුණයන්ගේ ආකර්ෂණය නිබඳවම ඔහුට හිමි වෙනවා. මේ වන විට music videos ගණනාවක රූප රචනයෙන් දායක වෙලා තියෙන ඔහු tik tok වීඩියෝ ඔස්සේ ද අපට නිරන්තරයෙන් ම දැක බලාගන්නට පුළුවන්.

ඔහු මේ වන විට රංගන ශිල්පියෙක් පමණක් ම නොවේ.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යුත් සහ විදුලි ඉංජිනේරුවෙක් විදිහට උපාධිය ලබා ගන්නා මොහු මේ වන විට ගුරුවරයෙක් විදිහටත් සිය වෘත්තීමය කටයුතු සිදු කරනවා.ඒ වගේම තමයි ඔහු ව්‍යාපාර අංශයෙන්ද සිය වෘත්තීමය පැතිකඩ දියුණු කර ගනිමින් සිටිනවා.එමෙන්ම ඔහු ඉතාමත්ම නිහතමානි තරුණයෙක් වෙනවා.ඔහු කරළියට පැමිණෙන්නේ 2019 වර්ෂයේ හිරු අවුරුදු කුමරා ලෙස අභිෂේක ලැබීමෙන් අනතුරුවයි.ඒ වගේම තමයි 2018 වසරේදී ඔහු ITN අවුරුදු කුමරා තරගයෙන් තුන් වන ස්ථානය හිමි කර ගැනීමටත් සමත් වෙනවා.

ඔහුට සහෝදර සහෝදරියන් කිහිපදෙනෙකු ම සිටිනවා. මේ වන විට ඔහුගේ පියා ඔහු හැරදමා සදහටම මෙලොවින් නික්ම ගොස් ඇත.ඉතින් මේ සංවේදී මොහොත නැවත ආවර්ජනය කරමින් ඔහු ඉතාමත්ම දුක්බර සටහනක් සිය මුහුණු පොත ඔස්සේ සනිටුහන් කරලා තිබුණා.ඒ තමයි

මගේ සැබෑ පියා දැනට අපි අතරින් වියෝවී දැනට අවුරුදු තුනක්.නැවත මට තාත්තා කියන වචනේවත් ආපහු කියන්න ලැබෙයි කියලා කවදාවත් හිතුවේ නෑ. යනුවෙන් ඔහු සටහනක් එක්කර තිබුනේ දෙවැනි ඉනිමේ ඔහුත් සමඟ රංගනයේ යෙදෙන පියාගේ චරිතය වූ සුදත් ඇන්තනී සමග සිටින චායාරූපයක් එක්කරමින්. ඊට ප්‍රතිචාර දක්වමින් සුදත් ඇන්තනි මහතා කියා සිටියේ drama එකේ මගේ පුතා රදිෂ් වගේම ඉෂාරටත් මම ආදරෙයි මගේ පුතෙක්ට වගේම. යනුවෙනි.ඉතිං ඔහුගේ එම පිළිතුරට ඉශාරගේ ප්‍රේක්ෂකයින් ඔහුට තුති කරන්නත් අමතක කරලා තිබුනේ නැහැ.ඉතින් මේ ආදරණීය යොවුන් කඩවසම් රංගන ශිල්පියාට ඔහුගේ ඉදිරි අනාගත කටයුතු සඳහා හදවතින්ම සුබ පතනවා.